චීනය : හොංකොං රාජ්‍යය 15 වෙනි සංවත්සරය සමරයි.

| කිශානි වැලිවිටිගොඩ

චීන ජනාධිපති හු ජින්තාඕ පසුගිය 29 වන සිකුරාදා දින තෙදින නිල සංචාරයකට හොං කොං රාජ්‍යයට පැමිණියේ හොංග් කොංග් රාජ්‍යය නැවතත් චීනයට හිමි වීමේ 15 වෙනි සංවත්සරය සැමරීම නිමිත්තෙනි. ජනාධිපති හු ජින්තාඕ පිළිගැනීමට හොංග් කොංග් ගුවන් තොටුපලේ උසස් නිලධාරින් මෙන්ම පාසල් ළමුන් රාශියක් එදින හොං කොං ගුවන්තොටුපලෙහි රැස්ව සිටි බව විදෙස් පුවත් එජෙන්සි වාර්තා කරයි.

වර්ෂ 150 කට අධික කාලයක් බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවති හොං කොං රාජ්‍යයේ හිම්කාරත්වය නැවත චීනයට හිමි වුයේ 1997 ජුනි 30 වන දිනයේදීය.