ඇමෙරිකාව : සිරියාවේ වධකාගාර 27 ක් පවත්වාගෙන යන බවට තොරතුරු


l කිෂානි වැලිවිටිගොඩ 

සිරියාවේ බුද්ධි අංශ මගින් රට පුරා වධකාගාර 27 ක් පවත්වාගෙන යන බවට මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කරන "හියුමන් රයිට්ස් වොට්ච්" සංවිධානය නිකුත් කරන ලද වාර්තාවක සඳහන් වේ. මෙහි රඳවා සිටින පුද්ගලයින්ට පොලු සහ රැහැන් යොදා ගෙන පහරදීම්, ඇසිඩ් යොදාගෙන පිළිස්සීම් සිදු කිරීම, ලිංගික අතවර සිදු කිරීම් සහ ඇඟිලි වල නිය ගැලවීම වැනි දරුණු වධ හිංසා සිදු කර ඇති බවට එම වාර්තාවෙන් හෙළි දරව් කර තිබේ. මෙම වධකාගාර ස්ථාපනය කිරීමට හේතු පාදක වී ඇත්තේ 2011 වර්ෂයේ මාර්තු මස සිරියානු ජනපති බසාර් අල් අස්සාඩ් බලයෙන් නෙරපා හැරීමට කටයුතු කළ පුද්ගලයන්ව මර්ධනය කිරීම සඳහාය.

"හියුමන් රයිට්ස් වොට්ච්" සංවිධානය විසින් වැඩ හිංසාවට ලක් වූ පුද්ගලයන් යොදා ගෙන සිදු කරන ලද සම්මුඛ පරීක්ෂණ 200 ක් මගින් වධකාගාර වල යොදා ගත් වධ හිංසා ක්‍රම 20 ක් පිළිබඳව අනාවරණය කරගෙන තිබේ.