ඇෆ්ඝනිස්තානය : බෝම්බ ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 5 ක් මරුට


l කිශානි වැලිවිටිගොඩ 

උතුරු ඇෆ්ඝනිස්තානයේ බස් රථයක් මහා මාර්ගයේ අටවා තිබු බෝම්බයකට හසු වීම හේතුවෙන් බස් රථයේ ගමන් ගත් කාන්තාවන් හා ළමුන් ඇතුළුව සිවිල් වැසියන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර තවත් 11 දෙනෙකු තුවාල ලැබූ බවට විදෙස් පුවත් එජෙන්සි වාර්තා කරයි. විදෙස් පුවත් වාර්තා වලට අනුව අද දින ගස්නි නගරයේ සිට කාබුල් නුවර වෙත ගමන් කරමින් තිබු බස් රථයක් මෙලෙස බෝම්බ ප්‍රහාරයට ගොදුරු වී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වගකීම මේ වන විට කිසිම සංවිධානයකින් භාර ගෙන නොමැති බවද සඳහන් වේ.