ඇමෙරිකාව : චණ්ඩ මාරුතයට 5 දෙනෙකු බිලි වේ.


l කිශානි වැලිවිටිගොඩ

නැගෙනහිර ඇමෙරිකාව හරහා හමා ගිය චණ්ඩ මාරුතය හේතුවෙන් පුද්ගලයින් 5 දෙනෙකු මරණයට පත් වූ බව ඊයේ එරට බලධාරීන් විදෙස් පුවත් සේවයන්ට ප්‍රකාශ කර තිබේ. මෙම සිද්ධිය හේතුවෙන් විදුලි බලය බිඳ වැටීම හේතුවෙන් මිලියන 2 කට ආසන්න සංඛ්‍යාවක් පීඩා විඳිති. මේ දින වල එරටේ උණුසුම් කාලගුණ තත්වයක් පවතී.

වර්ජිනියා නුවරින් මරණ 2 ක් වාර්තා වන අතර, 90 හැවිරිදි කාන්තාවක් ඇයගේ නිවසේ නින්දේ සිටියදී ඇයගේ නිවසට ගසක් කඩා වැටීමෙන් මරණයට පත් වී තිබේ. නිව් ජර්සි ප්‍රදේශයේ කඳවුරු බැඳ සිටි ඥාති සහෝදරයන් දෙදෙනෙකුද ඔවුන්ගේ කුඩාරම මතට ගසක් කඩා වැටීමෙන් මිය ගොස් තිබේ. කාර් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් තවත් එක පුද්ගලයෙකු මිය ගොස් ඇති බව මේරිලන්ඩ් පොලිස් ස්ථානයෙන් වාර්තා වේ.