ඊජිප්තුව: මොහමඩ් මොර්සි ජනාධිපති ධුරයේ දිවුරුම් දෙයි.



l කිෂානි වැලිවිටිගොඩ

ඊජිප්තුවේ පැවති විප්ලවය හේතුවෙන් හිටපු පාලක හොස්නි මුබාරක්ගේ පාලනය බිඳ වැටීමෙන් පසු අවුරුද්දකට වඩා වැඩි කාලයකට පසු ජුනි 24 වන දින ඊජිප්තුවේ පැවති ප්‍රථම ජනාධිපතිවරණයෙන් තේරී පත් වූ මොහමඩ් මොර්සි එරට ජනාධිපති ධුරයේ අද දින දිවුරුම් දුන්නේය.

සිකුරාදා දින පැවැත්වූ සාකාච්චාවකදී මොහමඩ් මොර්සි ඊජිප්තුවේ පවතින විප්ලවයේ අරමුණු ජයග්‍රහණය කිරීමට සහය ලබා දෙන බවට ප්‍රකාශ කර තිබේ.