" සරත් ෆොන්සේකා මහත්තයත් ඇතුලේ ඉන්නේ ඔයාට යන්න බැරි මොකද? "- වැලිපැන්න පොලිසිය.


හර්ෂි සි. පෙරේරා

වැලිපැන්න පොලිසිය මෙසේ කිවේ අරක්කු ටිකක් මිලට ගෙන තම මිතුරන් දෙදෙනෙකු සමග අසල කැලයකට ගිය 62 හැවිරිදි මද්දුමාගේ දොන් ජිනසොමටය. විශ්‍රාමික යුද හමුදා නිලදාරියෙකු වන හෙතෙම විවාහක දෙදරු පියෙකි. අංක 67, මහා ඔය පාර මඩවල රබුක්කන පදිංචිව සිටි.

සිද්දිය වන්නේ 2011.10.13 වන දිනදීය. ජිනසොමව සහ මිතුරන් දෙදෙනාව වැලිපැන්න පොලිසියට ගෙනවිත් ඇත. මෙයට දායක වූ වැලිපැන්න පොලිසියේ නිලදාරීන් වන්නේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාදිපති පොලිස් පරීක්ෂක විජේතුංග, අමරපාල (65947), ග්‍රාම ආරක්ෂක කන්නන්ගර, විතාන, ප්‍රේමදාස (12983) සහ තවත් ග්‍රාම ආරක්ෂක නිලදාරිනියකි.

ජිනසොමව පොලිස් කුඩුවට දමමින් ඉහත ෆොන්සේකා කතාව කියා ඇත. ඔහු පැය දෙකක් කුඩුවේ තබා ප්‍රකාශයකට අත්සන් ගෙන 2011.10.25 උසාවි එන ලෙස දන්වා මුදා හැර ඇත. ඔහුට එරෙහිව නගා තිබු වියාජ චෝදනාව අමරපාල නමැති පොලිස් නිලදාරියට අරක්කු ඩ්‍රම්ස් 02 ක් රුපියල් 200 කට විකිණීම වේ. අදිකරණයේදී ජිනසෝම සිය නිර්දොශිබාවය ප්‍රකාශ කළේය. මුදල් ඇපය රුපියල් 10,000 ක් හා රුපියල් ලක්ෂයක ශරීර ඇපයකි.

ජිනසෝම අදාල වගකිවයුත්තන්ට පැමිණිලි කළේය. එහිදී ඔහුගේ නිර්දෝෂී බව ඔප්පු විය. 2012.05.29 අදිකරණයට ගිය විට ඔහුගේ නඩුව කතා කලේ නැත. අදිකරණ රෙජිස්ටාර් කාර්යාලය ප්‍රකාශ කලේ නඩුව පොලිසිය විසින් ඉල්ලා අස්කර ගත් බවයි. 2012.06.08 දින ජිනසෝම අදිකරණයෙන් තම නඩුවේ සහතික පිටපතක් ඉල්ලා සිටියේය. එවිට මතුගම මහේස්ත්‍රාත් අදිකරණයේ ලේකනාගාරයේ පිළිතුර වුයේ එවැනි නඩුවක් ලියාපදංචි වී නොමැති බවයි. අදාල කරුණ රෙජිස්ටාර්ට පැමිණිලි කිරීමෙන් පසුව ඔහුට නඩු වාර්තාවේ පිටපතක් ලැබී ඇත.

කීමට ඇත්තේ මෙපමණයි. නීතිවිරෝදී අත්අඩංගුවට ගැනීම, වදහිංසා පැමිණවීම, බොරු නඩු දැමීම යන පොලිස් අපරාද වලට වක්‍රව සම්බන්ද වන්නන් බොහෝ ඇති බවයි. එයට වුර්තිකයින් මෙන්ම අදිකරණ කාර්ය මණ්ඩල වල සහයද ලැබේ. එබැවින් මේවැනි අපරාද තුරන් කිරීමට දැඩි කැපවීමක් මෙන්ම සමාජයේ ආකල්ප වෙනසක්ද ඇතිවිය යුතුය.