මොරටුව පොලිසිය පැවරු වියාජ නඩුවෙන් 27 හැවිරිදි තරුණයා නිදොස්කොට නිදහස්.



හර්ෂි සි. පෙරේරා

මුරුක්කුවදුර අසිත කුමාර ද සිල්වා අංක 285/1, බටදොබතුඩුව පාර, අලුබෝමුල්ලේ පදිංචිව සිටි. හෙතෙම 27 හැවිරිදි අවිවාහක තරුණයෙකි. ඔහුගේ මව 48 හැවිරිදි හෙමලතාද සිල්වා වේ. 2012.06.04 දින අසිතව මොරටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ නිවසේ රාත්‍රී කෑම කමින් සිටියදීය. පොලිසියේදී ඔහුගේ පිට පිටුපසට අත් තබා මාංචු දැමීමෙන් පසුව පොලු වලින් පහරදී ඇත. 2012.06.07 දින ඔහුව උසාවියට ඉදිරිපත් කර සතියක් රදවා ගැනීමට අවසර ගෙන තිබේ. මෙම අයුතු රදවා ගැනීම් ගැන ඔහුගේ මව මානව හිමිකම් කොමිසමට කල පැමිණිලි වල අංක HRC /2094/2012 සහ HRC /2152/2012 වේ. ඔහුව 2012.06.12 දින මොරටුව මහේස්ත්‍රාත් අදිකරණයට ඉදිරිපත් කර 2012.06.26 දින දක්වා රක්ෂිත බන්දනාගාර ගත කර ඇත. ඔහුට එරෙහිව ගොනු කල වියාජ නඩුවේ අංකය 5253/2012 වේ. එහි සදහන් වුයේ 2012.06.06 දින කුඩු මිලිග්‍රෑම් 2200 ක් ප්‍රවාහනය කරමින් සිටියදී මොරටුව පොලිසිය විසින් මොරටුව මෝදර වටරවුමේදී අත්අඩංගුවට ගත් බවයි. අසිතගේ මව මෙම වියාජ චෝදනාව ගැනද මානව හිමිකම් කොමිසම, පොලිස්පති, නීතිපති ඇතුළු බලදාරීන්ට ලිකිතව පැමිණිලි කරන ලදී. ඒ 2012.06.27 දිනදීය. 2012.07.27 දින අදිකරණය විසින් අසිතව නිදොස් කොට නිදහස් කරනු ලැබිණි. ඔහු වෙනුවෙන් අදිකරණයේ පෙනී සිටියේ නීතිඥ ජානක අමරසිංහ මහතාය.