කුණුවීම එදා සහ අද.

හර්ෂි සි. පෙරේරා

අදිකරණයට සිදුවන දේශපාලන බලපෑම් අලුත් දෙයක් නෙමෙයි. මේ තත්වය එස් එල් ගුණසේකර මහතා සිය Lore of the Law and Other Memories පොතේ මැනවින් පැහැදිලි කර ඇත.

සමසමාජ පක්ෂයේ විවියන් ගුනවර්දන මහත්මියගේ මුලික අයිතිවාසිකම් උප පොලිස් පරීක්ෂක ගනේෂනාතන් විසින් උල්ලංගනය කල බව ශේෂ්ට්‍රදිකරණය විසින් තීරණය කරන ලදී. මේ නිසා අනතුරට ලක්වුයේ වනසුන්දර විනිසුරු ප්‍රමුක ශේෂ්ට්‍රදිකරන විනිශ්ය මණ්ඩලයයි. දේශපාලන මැරයින් මෙම විනිසුරුවරුන්ගේ ගෙවල් වලට ගල් ගසමින් හු කිහ. ජේ ආර් ජයවර්දන ජනපති මුලික අයිතිවාසිකම් කඩකළ බවට රටේ ඉහලම අදිකරණය විසින් වරදකරු කල උප පොලිස් පරීක්ෂක ගනේෂනතන්ට විරුද්දව විනය පරීක්ෂණයක් කිරීම වෙනුවට ඔහුට උසස්වීමක් ලබා දෙන ලදී.

ප්‍රේමදාස ජනාදිපතිවරයාගේ කාලයේදීද මේවන්නක්ම සිදු විය. ඒ පැවිදි හඩ නඩුවේදීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්රියදරයකු වූ පුජ්‍ය දරමිටිපොල රතනසාර හිමියන්ගේ මුලික අයිතිවාසිකම් කඩ කිරීම වෙනුවෙන් සහකාර පොලිස් අදිකාරී ප්‍රේමදාස උඩුගම්පොල වරදකරු කෙරිණි. ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම වෙනුවට පොලිස් අදිකාරී තනතුරට උසස් කෙරිණි.

එස් එල් ගුණසේකර මහතාගේ දේශපාලන මතවාදය කුමක්වුවද ජාතිවාදයට දක්වන නැබුරුව කුමක්වුවද ඔහු යුක්තිය පසිදලීම පිළිබද රටේ තත්වය එනම් යහපත් පැරණි දිනවල සුවාබාවය හෙළිදරවු කිරීම පැසසිය යුතුය. පද්දතියේ පවත්නා කුණුවීම නැති කිරීමට වර්තමානයේ ගෝටා සාදකය වෙනස් කලයුතුයි කියන පිරිසට කොහේ හෝ වැරදි ඇත.