පාකිස්තානය : පොලිස් රථයකට එල්ල වූ ප්‍රහාරයෙන් පොලිස් නිලධාරින් 2 ක් ජීවිතක්ෂයට.


l කිෂානි වැලිවිටිගොඩ

පාකිස්තානයේ පන්ජාබ් ප්‍රදේශයට නැගෙනහිරින් පිහිටි ප්‍රදේශයකදී සටන්කාමීන් විසින් පොලිස් රථයකට එල්ල කරන ලද ප්‍රහාරය හේතුවෙන් පොලිස් නිලධාරින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වී තවත් පොලිස් නිලධාරීන් 4 දෙනෙකු තුවාල ලබා තිබෙන බවට විදෙස් පුවත් එජෙන්සි වාර්තා කරයි. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධකරුවන් සොයා මේ වන විට පරීක්ෂණ සිදු කරන බව පොලිස් නිලධාරින් පවසයි.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිවෙක් මේවන තෙක් වගකීම භාර ගෙන නොමැත.