ශ්‍රී ලංකා පොලිසිය සුධර්මන් සමග හෙළුවෙන්

සුධර්මන් රදලියගොඩ

රට පුරා සිටින වරෙන්තුකරුන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා විසින් පලාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට පසුගිය කාලයේ උපදෙස් දී තිබුණි. ඒ අනුව සියළුම වරෙන්තු හා නොතීසි ලබන සැප්තැම්බර් 01 දිනට පෙර ක්‍රියාත්මක කර අවසන් කරන ලෙස එම නියෝගයේ සඳහන් විය. ඒ අනුව පසුගිය ජූනි 20 දින සිට 30 දා දක්වා වූ දින 10ක කාලය තුළ පලාත් 8ක කරන ලද මෙහෙයුම් වලදී වරෙන්තු කරුවන් 2,814ක් අත් අඩංගුවට ගෙන ඇත. දකුණු පලාතේ තංගල්ල, ගාල්ල, ඇල්පිටිය, මාතර කොට්ඨාශ වලින් වරෙන්තුකරුවන් 550 දෙනෙකුද, වයඹ පලාතේ කුරුණෑගල, කුලියාපිටිය, නිකවැරටිය, පුත්තලම හා හලාවත කොට්ඨාශ වලින් 466 දෙනෙකුද, නැගෙනහිර පලාතේ අම්පාර, මඩකලපුව, ත්‍රීකුණාමලය, කන්තලේ කොට්ඨාශ වලින් 375 දෙනෙකුද, උතුරුමැද පලාතේ වව්නියාව, යාපනය, කිලිනොච්චිය, කන්කසන්තිඋරේ, මන්නාරම, මාන්කුලම්, මුලතිව් කොට්ඨාශ වලින් 122 දෙනෙකුද, මධ්‍යම පලාතේ මහනුවර, ගම්පල, මාතලේ නුවරඑළිය, හැටන් යන ප්‍රදේශ වලින් 573 දෙනෙකුද, උතුරුමැද අනුරාධපුර, පොළොන්නරුව කඔට්ඨාශ වලින් වරෙන්තු කරුවන් 215ක්ද, ඌව පලාතේ බදුල්ල, මොනරාගල, බණ්ඩාරවෙල කොට්ඨාශ වලින් 196 දෙනෙකුද, සබරගමුව පලාතේ කෑගල්ල, රත්නපුර හා සීතාවක කොට්ඨාශ වලින් වරෙන්තු කරුවන් 317 දෙනෙකුද අත් අඩංගුවට ගෙන ඇත. ටෙලිකොම් සමාගමේ ලිපි ශිර්ෂ වංචනික ලෙස යොදා ගෙන ව්‍යාජ බලපත්‍රයක් සාදා පරණ යකඩ ටොන් 1,828 ක් දෙන බව පොරොන්දු වී ලක්ෂ 15 ක් වංචා කිරීම නිසා ස්වාධින රුපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සුධර්මන් රදලියගොඩ විරුද්ධවද වරෙන්තුවක් ඇත. එම වරෙන්තුව නිකුත් වූයේ පසුගිය පසුගිය ජුලි 19 වන දිනය. තව සති 2කින් වරෙන්තුවට වසරකි. සුදර්මන්ගේ වරෙන්තුවේ වාර්ෂික සංවත්සරය සැමරීම සඳහා මේ මස 19 දින සවස 7 ට ස්වාධින රුපවාහිනී සේවයේ පරිශ්‍රමයේදී සංගීත සංදර්ශනයක් පැවැත්වේ. ඔබගේ සුබපැතුම් පහත ලිපිනයට සුදර්මන් මහතාට යැවිය හැක.

Sudarman Radaliyagoda,
Deputy General Manager of the Independent Television Network (ITN)
Wickramasinghepura
Battaramulla 10120
Sri Lanka

(gossip9 ඇසුරෙනි )