"පොලිස් වදහිංසාව කියන්නේ කුමක්ද?" - නීතිඥ බැසිල් ප්‍රනාන්දු


හර්ෂි සි. පෙරේරා

ඉහත ප්‍රශ්නය ආසියානු මානව හිමිකම් කොමිසමේ ප්‍රතිපත්ති සහ වැඩසටහන් අද්‍යක්ෂ නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත්කලේ ආසියානු පාර්ලිමේන්තු සබිකයින් එක්ව සිටින වදහිංසාව පිටුදැකීමේ ආසියානු සමුළුවට එක්වෙමිනි.

මෙම තෙදින සමුළුව හොන්කොන් හි කොවුලෝන් නගරයේ ජුලි 21 වන දින ආරම්බ විය. මෙම සමුළුව එක්සත් ජාතීන්ගේ වදහින්සාවට සහ වෙනත් කෘර අමානුෂික හෝ පහත්කොට සැලකීම හෝ දඩුවමට එරෙහි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේලා වැදගත් පියවරක් ලෙස සැලකේ. මෙයට බංග්ලාදේශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, නේපාලය, පකිස්ථානය, පිලිපීනය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පාර්ලිමේන්තු සබිකයින්ද දකුණු සහ ගිනිකොන දිග ආසියාවේ ප්‍රකට මානව හිමිකම් ක්‍රියාදාරයින්ද සහබාගි වේ.

ප්‍රදාන දේශනය පැවැත්වූ ආසියානු මානව හිමිකම් කොමිසමේ සබාපති ජෝන් ක්ලැන්සි කියා සිටියේ ආසියාවේ රටවල් ගණනාවකම වදහිංසාව බරපතල ගැටලුවක්ව පවත්නා බවයි. ඔහු වැඩිදුරටත් සදහන් කලේ එම රටවල් වදහිංසාව බාවිතයට ගත්තත් නඩු පැවරීම පිළිබද සාර්ථකත්වය 4% සිට 5% දක්වා අඩු ප්‍රමාණයක් වන බවයි.

මෙම සමුළුවේ ආරාදිත දේශනය පවත්වන ලද්දේ ඩෙන්මර්කයේ වදහිංසාවට පාත්රවුවන් පිළිබද පර්යේෂණ සහ පුනුරුත්තාපන මද්යස්ථානයේ අද්‍යක්ෂ ජැන් ඔලි හැගෙන්සන් මහතාය. ආසියාවේ මෙවැනි සමුළුවක් පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙය බව සදහන් කල ඒ මහතා තමනට සමුළුවට ආරාදනා කිරීම ගැන ආසියානු මානව හිමිකම් කොමිසමට සිය කෘතවේදීත්වය පල කල සිටියේය. ඔහු කියා සිටියේ වදහිංසාව කෙදවචාකයක් වන්නේ එයට ගොදුරුවන වින්දිතයින්ට පමණක් නොවන බවයි. එය වදහිංසකයින්ට මෙන්ම එවැන්නක් ඉවසා සිටින සමාජයන්ටද කෙදවාචකයක්ම වන බවයි.