ටමරාට සහ ආණ්ඩුවට කබරගොයත් තලගොයා වීම.


එක්සත් ජාතින් ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ( තනතුර හැර යාමට නියමිත ) ටමරා කුනනයකම් මිට දින කිහිපයකට පෙර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනිතින් පිල්ලේ විවේචනය කළේය. ඒ ඇය ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් කමිටුවේ යෝජනාව මගින් තම වරමට විරුද්දව කටයුතු කල බව කියාපාමිනි. ටමරාගේ ප්‍රකාශයෙන් පසුව ආණ්ඩුව කිවේ විදේශ අමාත්යංශය හරහා තමන් නවනිතින් පිල්ලේට චෝදනා නොකරන බවයි. මේ පාර්ශව දෙකම කන්න ගියවිට කබරගොයත් තලගොයා කරගෙන තිබේ. ටමරාට ආණ්ඩුව මාරුවීමක් ලබා දී ඇත. ටමරාට අවශ්‍ය නැවත එක්සත් ජාතින් තුල රැදීම වන අතර ආණ්ඩුවට ඕන ඇය එම තනතුරෙන් ඉවත් කිරීමයි.

හර්ෂි සි. පෙරේරා