මහනායක හිමිවරුන් වෙත ගෞරවයෙන් කෙරෙන දැනුවත් කිරීමයි

| අමිල ගුණරත්න

ගරුතර මහනායක හිමිවරුනි , වයස 16 පමණ වන උපැවිදි වූ තරුණයෙක් ගිරාඳුරුකෝට්‌ටේ රත්කිඳ ප්‍රදේශයේ වයස අවුරුදු 2 1/2 ක දැරියකගේ මුහුණ දුම් වැටියකින් පුළුස්සා තිබේ. මෙවැනි දෙයක් කළ හැක්කේ විකෘති කාමාතුරයෙකුට පමණි. අද පන්සල්වල සාමනේරවරු බොහෝවිට වැඩිහිටි භික්ෂුන්ගේ ලිංගික අතවර වලට ගොදුරුවෙති. එවැනි පීඩාකාරී උවදුරු වලට මුහුණදෙන තරුණ භික්ෂුව එක්කෝ උපැවිදි වී සමාජ විරෝධියෙකු වේ. නැතහොත් සිවුර දරාගෙන අන්තවාදියෙකු වී නොයෙකුත් දේශපාලන පක්ෂ වල කුණු වැඩ කරමින් මරාගෙන මැරෙන කතා කියමින් සහ මැරෙනතුරු උපවාස කරන බවට වහසි බස් දොඩවමින් , විනයක් නැතිව හැසිරී සාසන විනාශ කරති. මෙම උපැවිදි වූ තරුණයා අනිවාර්යෙන්ම තමා ජිවත් වූ පන්සලේ යම් අතවරයන්ට මුහුණ දෙන්නට ඇති. වර්තමානයේ දී මෙවැනි චීවරධාරින් ගෙන් අපගේ සමාජය පිරී යයි. කුඩා සාමනේරවරු පන්සල්වල ලිංගික ගොදුරු නොවීම සඳහා ළමා ආරක්ෂණ අධිකාරිය මගින් හෝ යම් ක්‍රියාමාර්ගයක් ගත යුතු අතර මේ ගැන ඔබ වහන්සේලාද යම් පියවරක් ගැනීම මැනවි. අපගේ විශ්ව විද්‍යාල මැරයන් සාදන ෆැක්ටරි වන විට පන්සල් විකෘති කාමාතුරයන් සාදන මධ්‍යස්ථාන නොවීමට අප සම දෙනා වග බලාගත යුතුය.