ඉගිනියාගල පොලිස් ඕ.අයි.සි තමා යටතේ සිටි නිලදාරියකුට එල්ල කල ම්ලේච්ච ප්‍රහාරය.



හර්ෂි සි. පෙරේරා

"මා ස්ථානදිපති තුමා ඉදිරියට ගොස් ආචාර කර සර් මාව විනය හේතු මත මාරුවක් තියෙනවා ඇයි ඒ කියා විමසුවා. එවිට ආ එක ඇවිල්ලද කියා ස්ථානදිපතිතුමා කියා වරෙන් යන්න ඔෆිස් එකට කියා මට කතා කළා. මා ඇතුලට ගියා.

මා ඒ අනුව ඇතුලට ගොස් ඔහුගෙන් නැවත ඇසුවා මට විනය හේතු මත මාරුවක් ලැබිලා තියෙනවා ඒ මොකද මට පැමිණිල්ලක්වත් පෙත්සමක්වත් මගේ ප්‍රකාශයක් කටවුත්තරයක් අරගෙන නැතිව කොහොමද විනය හේතු මත කියලා. මාරු කරන්නේ කොහොමද කියා විමසුවා. එවිට ඔහු මම ඕවා දන්නේ නැහැ කියා කිවුවා. සර් ඇහුවනේ එක ආවද කියලා මිට ඉස්සෙල්ලා මට කියා තිබුණා. රහස්‍ය පේපර් එකක් ගහලා යවනවා කියලා එසේ යැවුවද කියා.

තවද මා ඇසුවා ජෙෂ්ට පොලිස් අදිකාරී හෝ පොලිස් අදිකාරී හමුවන්නද කියා. එසේ අසනවත් සමග මට අසබ්ය වචනයෙන් බැන වැදී තෝ මහා එවුන් හමුවෙන්න යන්නේ මාරුවීම් හදා ගන්නද කියා අසමින් මට ඉතා තද පරුෂ වචනයෙන් බැන වැදුනා.

එසේ ප්‍රකාශ කරන ගමන් මගේ නිල ඇදුමේ සාක්කුවෙන් අල්ලා අදිමින් ඔහුගේ ඉනේ තිබුණ රිවෝල්වරය ඇද එහි මිටෙන් මගේ දකුණ උරහිසට පහරවල් තුනක් ගසා එය වලක්වන්න උත්සහ ගන්න විටම වම් අතට පහරවල් දෙකක් ගසා ඉන්පසු මම මේකේ ඕ අයි සි යකෝ කියා කෑ ගසමින් මගේ ඔළුවට ගහගෙන ගහගෙන ගියා.

ඉන්පසු ඔහු මගේ දත් වලට ගැසුවා. අවසන් වරට මුහුණට ගසා මා කාමරයෙන් එලියට ඇද දැම්මා. මා එලියට එන විට සරත් කොස්තාපල්වරයා මා අල්ලා ගෙන පහලට ආවා.

ඒ අවස්ථාවේදීත් කාමරයෙන් එලියට ආ ඔහු මට පහරදීමට උත්සහ ගත්තා. මා ඉන්පසු තොරතුරු සටහන් පොතේ සිද්දිය සැකෙවින් ලියා මා ප්‍රදාන පාරට පැමිණ පළමුව ත්‍රි රෝද රථයකින් අලිඔලුවට පැමිණ එතැන් සිට ලොරියකින් අම්පාර රෝහල් හන්දියට පැමිණියා. එතැන් සිට පයින් අම්පාර රෝහලට ගියා."

ඉහත ආකාරයට 2012.06.18 දින අමානුෂික වදහින්සාවට ලක්වුයේ කස්තුරි මුදියන්සේලාගේ සුනිල් ජයරත්න නමැති 44215 දරන පොලිස් සැරයන්වරයාය. හෙතෙම 42 හැවිරිදි විවාහක එක් දරු පියෙකි. T 7 ගබඩා පාර, ඉගිනියාගල පදිංචිව සිටි. ඔහුට වද දුන් ඉගිනියාගල පොලිස් ස්ථානදිපතිගේ නම එස්. ආර්. ජේ. ඩයස් වේ. ඔහුට විරුද්දව මේ වන තෙක් කිසිදු නීතිමය හෝ විනයානුකුල පියවරක් ගෙන නැත.