ගබ්සාවක් සිදු කරගත් චීන අබුසැමි යුවලකට ද්‍රෝහී ලේබලය ඇලවේ.



ප්‍රමාදවී ගබ්සාවක් කරගැනීමට චීන කාන්තාවකට බල කිරීම නිසා සුවාමිපුරුෂයාට සැගවීමට සිදුව ඇත. ඇගේ පවුලේ උදවියට හිරිහැරයන්ට මුහුණ දීමට සිදුව ඇති බව ඥාතියකු පවසා තිබේ. චීනයේ එක් දරුවා ප්‍රතිපත්තිය උල්ලංගනය කිරීම නිසා දඩ ගෙවීමට නොහැකිව ෆෙන්ග් ජියන්මි සිය මාස 07 ක් වූ දරු ගැබ අවසන් කිරීමට තීරණය කරන ලදී. ඇය සහ කළලය වෙබ් අඩවි වල ප්‍රසිද්ද කිරීමත් සමග සෑම ආකාරයකම හේලාදැකීම් වලට ඔවුන්ට මුහුණ දීමට සිදුවිය. චීනයේ එක් දරුවා යන පවුල් සැලසුම් ප්‍රතිපත්තිය මගින් ජනගහනය පාලනය කිරීමට බලාපොරොත්තු වන අතර එය මේ වනවිට බිලියන 1.3 ක් පමණ වේ. මේ නිතිය ගබ්සාවන් කර ගැනීමට කාන්තාවන්ට බල කරන බව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් ප්‍රකාශ කලද එය බෙජිනය ප්‍රතික්ෂේප කරයි.

හර්ෂි සි. පෙරේරා