"අසන්ගේ රැකවරණ ඉල්ලීම පිළිගන්න"


මෙසේ ඉල්ලීම කරන්නේ මයිකල් මුර්, ඔලිව ස්ටෝන් සහ නයෝම් චොක්සි යන ප්‍රවීන ඇමෙරිකානුවන් විසින්. ඔවුන් මෙම ඉල්ලීම ඉදිරිපත් කරන්නේ ලන්ඩනයේ ඉක්වදොර් තානාපති කාර්යාලය වෙතයි. ඔවුන් විකිලිස් නිර්මාතෘ ජුලියන් අසන්ගෙට ඉක්වදොරයෙ දේශපාලන රැකවරණය ලබා දියයුතු බව කියා සිටිති. මෙම ඉල්ලීම ඇතුලත් ලිපිය සහ ඇමෙරිකානුවන් 4000 කට වැඩි පිරිසක් අත්සන් කල පෙත්සමක් සදුදා ඉක්වදොර් තානාපති කාර්යාලය වෙත ලබා දී ඇති අතර එමගින් ජනාදිපති රෆිල් කොරියට රැකවරණය පිළිබද අසන්ගේ ඉල්ලීම පිලිගන්නයයි අවදාරණය කරයි.

හර්ෂි සි. පෙරේරා