බහරේනය;- සිරගත කල 11 හැවිරිදි පිරිමි දරුවා නිදහස් කරයි.



  ආණ්ඩුවට එරෙහි විරෝදතාවලට සහබාගි වුයේය යන චෝදනාව මත මොහුව සිරගත කෙරිණි. අලි හසන්ට ගෙදර යාමට ඉඩ දුන්නද ඒ ජුනි 20 වන දින නැවත උසාවියේ චෝදනා වලට මුහුණ දිය යුතුය යන නියෝගය පිටයි. ඔහුට එරෙහි එක චෝදනාවක් වන්නේ නීතිවිරෝදී රැස්වීමකට සහබාගි වීමය. අගනුවර වූ මනමා වලින් පරිබාහිරව මැයි 14 දින ඔහුව අත්අඩංගුවට ගනු ලැබූ අතර මාසයක කාලයක් බන්දනාගාර ගතව සිටින ලදී. 2011 පෙබරවාරි මාසයේ සිට අද දක්වාම බහරේනයේ විරෝදතා සිදුවෙමින් පවතී. එහිදී මියගිය සංකයාව 50 ක් බව වාර්තා වේ.

හර්ෂි සි. පෙරේරා