ලංකාදීප පුවත්පතේ මාධ්‍ය සදාචාරය

| අමිල ගුණරත්න

ඩී.බී. ධනපාල වැනි මාධ්‍ය පතාකයන් ගෙන් පෝෂණය වූ ලංකාදීප පුවත්පත අද ආතක් පාතක් නැති මාධ්‍යවේදීන් කියාගත් බෝතල් පත්තර කාරයන් ගේ දුෂණයට ලක්ව තිබෙන අයුරුW3Lanka හෙළි කරයි.

සාමාන්‍ය හොරුන් මැරිය යුතු අන්දම කියන ලංකාදීපය

පහත පළ වන්නේ ලංකාදීප වෙබ් අඩවියේ පළ වූ වාර්තාවකි. තමන්ගේ රබර්වත්තේ තනියම ජීවත් වූ අසූ හතර හැවිරිදි පුද්ගලයකු මරා දුම්ගෙයි දමා පුළුස්සා අලු වැසිකිලිවලකට දමන ලැදැයි සැකපිට එම වත්තේ කිරි කපන දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි. 

මෙන්න, ඒ පුවත පිළිබඳ පළමු පාඨක ප්‍රතිචාරය: ගිනි කසයා 2012-06-07 12:40:21 ඇසට ඇසක්... දතට දතක්.... මේ මිනිසුන් දෙදෙනාවත් ප්‍රසිද්ධියේ මරා ඒ දුම් ගෙයිම පුලුස්සා දැමිය යුතුයි.

සාමාන්‍යයෙන් සිංහල බ්ලොග්වල, වෙබ් අඩවිවල කමෙන්ට් දැමීම හෙවත් අදහස් පළ කිරීම එම වෙබ් අඩවි පරිපාලකයන් විසින් ම සංවිධානය කරන දෙයක් බව ප්‍රසිද්ධ රහසකි. විශේෂයෙන් ම පළමු අදහස් පළ කිරීම් කීපය කරන්නේ එම අඩවියට ම සම්බන්ධ අය වෙනත් නම්වලින් බව දන්නෝ දනිති. ලංකාදීප පුවත්පත ලංකාවේ වැඩියෙන් ම විකිණෙන පුවත්පතයි. එම පුවත්පත සිය වෙබ් පාඨකයන් වෙත ප්‍රවර්ධනය කරන ආකල්ප කෙබඳුද? මේ ත්‍රස්තවාදය හැර වෙන කුමක්ද?

තමන්ගේ ලංකාදීප පුවත්පත මෙවැනි බෝතල් පත්තර කාරයන් ගේ තස්තවාදය ප්‍රවර්ධනය කරන මාධ්‍යක් වීම ගැන දැකීමට ඩී.බී. ධනපාල මහතා ජිවත්ව නොසිටියේ නම් එතුමා වාසනාවටය.