ජංගම දුරකථන වල වාසය කරනා කෘමියෙක් සොයාගැනීමට අපේ වෛද්‍ය පර්යේෂණ ආයතනය සමත් වෙයි

| අමිල ගුණරත්න

මෑතකදී ස්වර්ණවාහිනිය මාර නිවුස් එකක් පෙන්නුවේය. ජංගම දුරකථන වල වාසය කරනා කෘමියෙක් සොයාගැනීමට අපේ වෛද්‍ය පර්යේෂණ ආයතනය සමත්වෙලා තිබෙන බව ඉන් කිවේය. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ලොක්කෙක් කථා කරමින් ජංගම දුරකථනයේ දූවිලි බැඳී තිබීම සාමාන්‍යය දෙයක් වන නමුත් එම අංශු චලනය වන බවක් දක්නට ලැබේනම් වහාම වෛද්‍ය පර්යේෂණ ආයතනයට දැනුම් දෙන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියේය. මෙය ඔවුන් ප්‍රචාරය කලේ ඒඩ්ස් වයිරසය මුල් වරට සොයාගත් ලෙසට මෙනි. කිසිදු එලදායක පරියේෂණයක් කිරීමට අසමත් නිකමුන්ගෙන් පිරි තිබෙන අපගේ වෛද්‍ය පර්යේෂණ ආයතනය ට ඉඳහිට ප්‍රසිද්ධියක් ලබා ගැනීමට මෙවැනි නිවුස් ඉටු කරන්නේ විශාල සේවයකි. මෙවැනි පර්යේෂණ කිරීම සඳහා වෛද්‍ය පර්යේෂන ආයතනය වෙත පසුගිය අයවැයෙන් වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 27ක් බව වාර්තා වේ. කරුණාකර මේ වීඩීඕ පට බලන්න http://www.youtube.com/watch?v=47CIdUld8eQ , .http://www.youtube.com/watch?v=5d4ojDQT6BI අපගේ මයික්‍රෝ ලෝකය පිරි ඇත්තේ මෙවැනි මයිටාවන්ගෙනි , මේ ක්ෂුද්‍ර සතුන් අපගේ සෑම පරිභෝජන භාණ්ඩ වල සිටිති. වෛද්‍ය පර්යේෂණ ආයතනයට මෙය මාර මැජික් එකක් උනත් මේවා ගැන දියුණු ලෝකය දන්නේ 1970 ගණන් වල සිටය. නමුත් විමර්ශනාත්මක සහ විශ්ලේෂණාත්මක බුද්ධිය අඩු බහුතරයක් ලාංකික ජනතාවට මෙවැනි මැජික් පෙන්නා වෛද්‍ය පර්යේෂණ ආයතනයට ජාම බේරා ගැනීමට හැකි උනත් විද්‍යාව මේ ලෙස තොරොම්බල් කිරීම සුදුසු නැත. අපේ මෝඩ මිනිසුන්ට ලෝකයේ ප්‍රථම වරට ජංගම දුරකථන වල වාසය කරනා කෘමියෙක් සොයාගැනීමට අපේ වෛද්‍ය පර්යේෂණ ආයතනය සමත් වී ඇත කියා පම්පෝරි ගැසුවත් මේක සාමාන්‍ය දෙයක් බව ක්ෂුද්‍ර විද්‍යාඥයන් දනිති. නමුත් ඒ බව අපේ වෛද්‍ය පර්යේෂණ ආයතනය දන්නේ නැත. එවැනි දේශීය පර්යේෂණ ආයතනයක් ඇති අපිට අශ්චර්යට යාමට නම් තව කල්පයක්වත් යනු ඇත. '