මාතර මානව හිමිකම් කොමිසම වදහිංසාව සමත කිරීමට තැත් කරයි.



හර්ෂි සි. පෙරේරා

එච්. එච්. කරුණාරත්න ගාල්ල කරන්දෙණියේ පදිංචි තරුණයෙකි. ඔහුට 2010 වසරේදී කරන්දෙණිය පොලිසියේ නිලදාරීන් අමානුෂික ලෙස පහරදී වදහිංසා පමුණුවන ලදී. ඒ පිළිබදව මාතර මානව හිමිකම් කොමිසමට කල පැමිණිල්ලේ අංකය HRC/ MT / 255/10/G වේ. 2011.12.13 දින කොමිසම ඔහුගේ මානව හිමිකම් කඩ නොවූ බව තීරණය කරන ලදී. නමුත් කරුණාරත්න එය පිළිනොගෙන නැවත විමර්ශනයක් කරන ලෙස ඉල්ලා සිටියේය. කොමිසම එයට එකග විය. 2012.03.12 දින විමර්ශනයට කැදවුවද එදින විමර්ශන පැවැත්වුනේ නැත. නැවත 2012.04.05 දින විමර්ශනයට කැවුවද එදින ස්ථානදිපති පැමිණියේ නැත. 2012.05.16 දින නැවත කැදවන ලදී. එහිදී කොමිසමේ විමර්ශන නිලදාරිනිය පැවසුවේ සමත වන ලෙසයි. ඇය විමර්ශන අවස්ථාවේ නැගිට යමින් කරුණාරත්නට කිවේ පොලිස් නිලදාරීන් සමග කතා කර එකගතාවකට එන ලෙසයි. ඊලග විමර්ශන දිනය 2012.05.29 වැනිදාය. කරුණාරත්න මින්පසු මාතර මානව හිමිකම් කොමිසමේ විමර්ශන වලට සහබාගි නොවන බව කියා සිටි. ඔහු ඉල්ලා සිටින්නේ තමනට යුක්තිය සදරණය ඉටු කර ගැනීමට අවශ්‍ය බැවින් ඔහුගේ පැමිණිල්ල කොලබ මානව හිමිකම් කොමිසමේ කාර්යාලය මගින් විමර්ශන කල යුතු බවයි.