කට කහනවට

1) සුනාමි තර්ජනය පහව යයි ( දිනමිණ පුවත්පත) - මෙදා පොටේ සුනාමි සහනාධාර යටිමඩි ගහන්න බලාගෙන හිටපු එවුන්ට හුලං

2) උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල අද සිට (පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ ) - ඒ කියන්නේ උත්සව කාලෙට සුදු වෑන් නැතෙයි කියන එකද ?

3) මට ලැජ්ජයි ( හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක) - මූට නහින දෙහින කාලේ තමයි ලැජ්ජාව දැනෙන්නේ

4) මේක දැන් නීතියක්‌ නැති රටක්‌! (ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ) - කවදද හලෝ මේ රටේ නීතියක් තිබුනේ ?

5) හොරෙන් ඇවිත් දේශපාලනය කරන්න මින්පසු බෑ ( ගෝඨාභය රාජපක්ෂ ) - ඒ කියන්නේ එකත් දැන් ඔහෙලට විතරයි කරන්න පුළුවන්

6) ඉතිහාසය විසින් ඉල්ලා සිටින්නේ නම් ජීවිත පරිත්‍යාගයකට වුව යැමට සුදානම් ( චමීර කොස්‌වත්ත) - මේ ඇම්මක් තියනවානම් රේල්ලුවට බෙල්ල තියපිය අහිංසක කොල්ලෝ ටයර් උඩ යවන්නේ නැතිව , අන්තිමට බොලා ඕස්ට්‍රේලියාවේ , එංගලන්තයේ පදිංචි වෙයි , දුප්පත් කොල්ලෝ ගංගාවල පාවෙයි.

7) මට ලිංගික අතවර පවා කළා - (කුමාර් ගුණරත්නම් ) - අම්මපා ?

8) කලකිරුණු ඇමැතිවරුන්ට වෙනත් අමාත්‍යංශ (ලක්බිම පුවත්පත) - ඔව් ඉතින් ගතම් එක ලැබෙන්නේ නැති අමාත්‍යංශ අහවල් කාරියටද ?

ඒක බුද්ධි විසිනි