පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නවක වදය සහ ලිංගික අපරාධ කල සිසුන් තිදෙනාට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරනු


| දර්ශිනි විමලසුරිය

නවක වදය , මානසික හිංසනය , ලිංගික හිංසනය අතින් ලෝකයේ දරුණුම විශ්ව විද්‍යාල 10 යෙන් එකක් ලෙස ගැනෙන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සාහසිකත්වය අවම කිරීම සඳහා විශ්ව විද්‍යාල බලධාරීන් මෙතෙක් සාධනීය පියවරක් නොගැනීම කණගාටුදායක කරුණකි. තමිල්නාඩුවේ අන්නා මලෙයි විශ්ව විද්‍යාලයද පේරාදෙණිය විශ්ව විද්‍යාලය මෙන් සහසිකත්වයට නම් දරා තිබුනද මෑත කාලයේදී අන්නා මලෙයි විශ්ව විද්‍යාල බලධාරීන් නවක වදයට එරෙහිව පියවර ගැනීම නිසා එම විශ්ව විද්‍යාලය හිංසනය අතින් ලෝකයේ දරුණුම විශ්ව විද්‍යාල අතර දරා තිබුණු ස්ථානයෙන් ඉවත් වෙමින් සිටයි. නමුත් පේරාදෙණිය තවමත් එතැනමය. අහේතුවකට මෙන් මෙම තත්වය වෙනස් කිරීමට බලධාරීන් උනන්දු වන්නේ නැත. මෑතකදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නවක වදය සහ ලිංගික අපරාධ කල සිසුන් තිදෙනාට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීමේදී පේරාදෙණිය විශ්ව විද්‍යාල බලධාරීන් ගෙන් ලැබෙන සහයෝගය අවම බව පොලිසිය ප්‍රකාශ කරයි. මිට පෙරද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලිංගික නවක වදයට බියෙන් රාමනාදන් ශාලාවෙන් බිමට පැන්න රූපා රත්නසිලී සිද්ධියේ ද නවක වධය දී මරා දැමු වරප්‍රගාශ් සිද්දියේ දී ද පේරාදෙණිය විශ්ව විද්‍යාල බලධාරීන් වරදකරුවන් ආරක්ෂා කිරීමේ ප්‍රතිපතියක් ගෙන යන ලද නිසා වරදකරුවන් නීතියෙන් බේරී ගියහ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නවක සිසුවෙකු වූ යටිගල ලොකුගම්මාච්චාරිගේ රජිත් ලක්ෂිත සිසුවාට නවක වදය සහ ලිංගික අපරාධ කල පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන පී. ජී චරිත් ලක්මාල් රුචිල මධුශංක හා පී ටී යොහාන් සඳරුවන් යන සිසුන් තිදෙනා චෝදනා ලබා සිටින අතර දැනට මොවුන් යලිත් නඩුව කැඳවන තුරු රිමාන්ඩ් භාරයේ පසුවෙති. රජිත් ලක්ෂිත සිද්දියේ දී ද පේරාදෙණිය විශ්ව විද්‍යාල බලධාරීන් වරදකරුවන් ආරක්ෂා කිරීමේ ප්‍රතිපතියක් ගෙන ගියහොත් යලිත් වරදකරුවන් නීතියේ හිඩැසින් බේරී යනු නිසැකය.