පිළිමවල බෙලි කැඩීම ඉන්දීය අප්‍රසාදයට.



හර්ෂි සි. පෙරේරා

ගාන්දි පිළිරුව ඇතුළු ස්මාරක කිහිපයක බෙලිකඩා දමමින් ඒවාට කල විනාශය ගැන කොලබ ඉන්දීය මහා කොමසරි අශෝක් කේ කාන්තා නැගෙනහිර මහ ඇමති පිල්ලයාන් සමග සාකච්චා කර තිබේ. ඉන්දියාව මේ පිළිබද සිය කනස්සල්ල පල කිරීමෙන් නොනැවතී වහාම සිද්දිය සම්බන්දයෙන් කඩිනම් විමර්ශනයක් පවත්වන්නයි ඉල්ලා තිබේ. මේ සියලු අප්‍රසාදයන් එල්ල වන්නේ කලාපිය බලවතාගෙනි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී අපිට ඉන්දීය චන්දය අහිමි විය. මේ තත්වය ශ්‍රී ලංකාවේ අනාගතයට එතරම් හොද නැත. මානව හිමිකම් ආරක්ෂා කිරීම පිළිබද තමනට 2500 වසරක ඉතිහාසයක් ඇති බවට පාරම්බාන ශ්‍රී ලංකා ජනදිපතිවරයා මෙවැනි අගවුරවනිය ක්‍රියාවන් නතර කිරීමට අපොහොසත්ව ඇත. මේ ක්‍රියාව ගැන විශ්වසනීය සහ ගැබුරු පරීක්ෂණයක් නොකිරීම මගින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ තව දුරටත් අපකීර්තියට පාත්‍ර වනු නියතය.