ගාල්ල ඕපාත රජවංගල ආරණ්‍යය භුමියේ සිටි හීලෑ ගෝනාට මුතු හෙට්ටියා වැඩේ දීලා

| අමිල ගුණරත්න

ගාල්ල ඕපාත රජවංගල ආරණ්‍යය භුමියේ නිදැල්ලේ සිටි සිටි ගෝනෙකු පසුගියදා විදුලිසර වද්දා මරා මස් කොට තිබේ. ප්‍රදේශවාසීහු පවසන අන්දමට මෙම ක්‍රියාව පසුපස එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම සිටියි. තවද ඔවුන් පෙන්වා දෙන අන්දමට මෙම ගෝනා මැරීමට විදුලි කම්බි ඇද්දේ යැයි සැක කරන පුද්ගලයා නිශාන්ත මුතුහෙට්ටිගම ගේ හෙන්චයියෙකි. නමුත් මේ සිද්දිය සම්බන්දයෙන් පොලිසිය හෝ වනජීවී දෙපාර්තමේන්තුව අපක්ෂපාති පරීක්ෂණයක් සිදු කරන බවට අප මොහොතකටවත් නොසිතමු. සතා සීපාවට ගහකොළ වලට ආදරය කරන ජනතාවක් හෝ නායකයන් මේ රටේ නැත. මානව ප්‍රේමය නැති රටක ගෝනා මෙතෙක් කල් හෝ දේශපාලකයන් සහ ඔවුන්ගේ හෙන්චයියලාගෙන් බේරී සිටීමද පුදුමය දනවන කරුණකි. නමුත් නූගත් මජර බඩජාරීන් පාර්ලිමේන්තුවට යැවු ගාල්ල දිස්ති‍්‍රක්කයේ මීහරකුන්ට නම් මෙය හොඳ පාඩමකි.