වෙනිසුලා ජනාධිපතිට වැඩි දුර ප්‍රතිකාර ලබා දීම කියුබාවේදී


l කිෂානි වැලිවිටිගොඩ

වෙනිසුලානු ජනාධිපති හියුගෝ චාවේස් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ විකිරිණ චිකිත්සාවේ තුන් වන අදියරේ ප්‍රතිකාර සඳහා සෙනසුරාදා දින ඔහු නැවතත් කියුබාව වෙතට යාමට සිදු වන බවයි. චාවේස් දුරකථනය මගින් සිදු කළ එම නිවේදනය එරට රුපවාහිනි නාලිකාව ඔස්සේ විකාශනය කර තිබේ. ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ දිනපතා හවානා හිදී දිනපතා සිදු කරනු ලබන විකිරණ චිකිත්සාව ඔහුගේ සෞඛ්‍ය තත්වය යහපත්ව පවත්වා ගැනීමට මහත් අස්වැසිල්ලක් වනු ඇති බවයි.

ජනාධිපති චාවේස් හට පෙබරවාරි මාසයේ ශල්‍යකර්මයක් සිදු කර ඇති අතර එම අවස්ථාවේදී ඔහුගේ ශ්‍රෝණි ප්‍රදේශයේ ඇති වී තිබු දෙවෙනි ගැටිත්තත් ඉවත් කර තිබේ.