තමිල්නාඩුව සහ දෙමල බෙදුම්වාදය

| අමිල ගුණරත්න

තමිල්නාඩු ප‍්‍රධාන අමාත්‍ය කරුණානිධි විසින් ශ‍්‍රී ලංකවේ දෙමළ ඊළමක් සම්බන්ධ ජනමත විචාරණයක් පවත්වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයට බල කල යුතු යැයි යෝජනා කොට තිබේ. තමිල්නාඩුව යනු මිනිසුන්ට මුලික ජිවන පහසුකම් නොමැති පොලිස්කාරයන් ගවයන්ට මෙන් මිනිසුන්ට තලන නූගත් සහ දුප්පත් ප්‍රාන්තයකි. මිනි මරනවාට අමතරව පොලිස්කාරයන් ගෙවල් වලට පැන ගැහැණු දුෂණයද කරති. තමිල්නාඩු වේ දේශපාලකයන් යනු දුෂිත වියාපාරිකයන්ය. පක්ෂ භේදයකින් තොරව එහි දේශපාලකයන් ජනතාවගේ මුදල් සුරාගෙන කති. ලංකාවෙත් මෙම ක්‍රියාවලිය සිදු වන නමුත් සුළු කොටසක් හෝ ජනයා දේශපාලනික වශයෙන් අවබෝධමත් නිසා යම් විරෝධතාවයක් මතු කිරීමේ ශක්තියක් ලංකික සමාජයට තිබේ. නමුත් නුගත්කමේ සහ දුප්පත්කමේ පතුලටම කිඳා බැස ඇති තමිල්නාඩු ප්‍රාන්තයේ දේශපාලකයන්ට තම ජනතාව රැවටීම අපහසු නැත. තමිල්නාඩුවේ ජනයට මුලික ජිවන පහසුකම් ලබා දීම , මානව අයිතීන් සුරක්ෂිත කොට දීම වෙනුවට ඔවුන්ගේ අසහනය පීඩනය වෙනත් අතකට යොමු කිරීමට කරුණානිධි, ජය ලලිතා වැනි දේශපාලකයන් ලංකාවේ බිල්ලෙකු සේ තමිල්නාඩුවේ නූගත් ජනයාට පෙන්වති.

තමිල්නාඩු දේශපාලකයන්ට ඉන්දියාවෙන් වෙන් වී වෙනම රාජ්‍යක් තනා ගැනීමට අවශ්‍ය වුවත් එදා නේරු දුන් සම්බෝල නිසා ඔවුන්ගේ කටවල් දශක ගණනාවක් වැසි තිබුණි. නමුත් තමිල්නාඩුව ඉන්දියාවෙන් වෙන් කිරීමේ මුලික පියවර ගන්නේ ලංකාව මුලින්ම බෙදා වෙන් කිරීමෙනි. මෙය ජේ එන් ඩික්සිත් සහ අරුන් නේරු යන රාජ්‍ය තාන්ත්‍රිකයන් රජීව් ගාන්ධිට පෙන්වා දුන් කරුණකි. ඉන්දියාව කරන ලද ලොකුම මෝඩකම වුයේ කොටි ත්‍රස්තවාදයට පොහොර දැමීමයි. ඉන්දිර ගාන්ධි කල මෙම මෝඩ වැඩේ ප්‍රතිඑලය වුයේ ඇයගේ පුතා බෙදුම්වාදය විසින් බිළි ගැනීමයි. ලංකාවේ ඊළමක් තැනීම යනු ඉන්දියාව කෑලි වලට කැඩීමේ අන්තිවාරම වේ.

තමිල්නාඩු ප‍්‍රධාන අමාත්‍ය කරුණානිධි ගේ ප්‍රකාශයට ආරක්‍ෂක ලේකම්වරයා නිසි පිළිතුරක් දී තිබේ. දෙමළ ඊළමක් අවශ්‍ය නම් එය තමිල්නාඩුවේ හදාගැනීමට හැකි බවත් ශ්‍රී ලංකාව නිදහස් ස්වෛරී රජයක් බවත් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා කරුණානිධිට පිළිතුරු වශයෙන් පවසා තිබේ. ආරක්ෂක ලේකම්වරයා දුමින්ද සිල්වා වැනි කුඩුකාරයෙකුට අනුග්‍රහ දෙන විට අප ඔහුව නිර්දය ලෙස විවේචනය කොට තිබේ. නමුත් හොඳ දේට හොඳ යැයි ලිවීමට අපගේ පෑන පැකිලෙන්නේ නැත. අප සෑම ආණ්ඩුවක හැම දේටම විරුද්ධ වන පාෂාන්ඩයන් නොවෙමු. මෙහිදී ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව සමග ගනුදෙනුවේදී ලංකාවේ දේශපාලකයන් වගකීමකින් සහ බුද්ධිමත්ව ක්‍රියා කල යුතුය. ප්‍රේමදාස මෝඩ ටෝක් දුන්නා සේ හැකිනම් ලංකාව ආක්‍රමණය කරන්නැයි ඉන්දියාවට අභියෝග කල යුතු නැත. හැටහුටාමාරක් ජනාධිපති උපදේශකයන් සිටින රටේ තමිල්නාඩු බෙදුම්වාදය ශ්‍රී ලංකාව කේන්ද්‍ර කොට ඔලුව ඔසවන බව තර්කනුකුලව ඉන්දියාවට පෙන්වා දීමට ආණ්ඩුවේ මාධ්‍ය තීක්ෂණ ලෙස යොදා ගැනීමටවත් උපදෙස් දීමට කෙනෙකු රාජපක්ෂලාට නැත. එසේ කෙනෙකු සිටිනවා නම් මුලින්ම ජේ එන් ඩික්සිත්ගේ Assignment Colombo පොත කියවා වැඩ අරඹන්න.