"උතුරු කොරියානු මිසයිල වැඩසටහනට චීනය සහය දුන්නා" - ඇමෙරිකාව.



හර්ෂි සි. පෙරේරා

ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ලියොන් පනිටා මෙම ප්‍රකාශය කරන්නේ පියෝන්යන් සිය තෙවන නියෂ්ටික අත්හදා බැලීමත් කරන්නට යාම දැඩි කනස්සල්ලක් බවට පත්ව තිබියදීය.ගිය සතියේ අසාර්ථක වූ උතුරු කොරියානු මිසයිල අත්හදා බැලීම ජාත්‍යන්තරයේ පුළුල් දෝෂදර්ශනයට හේතු විය. කොමියුනිස්ට සම්බන්දයක් ඇති ජාතින් දෙකක් වන චීනය හා උතුරු කොරියාවට , උතුරු කොරියාවේ හමුදාමය සහ ආර්ථික වශයෙන් ප්‍රබලම සහකරුවකු ලෙස ක්‍රියාකරන්නේ චීනයයි. ආරක්ෂක ලේකම්වරයා උතුරු කොරියානු නියෂ්ටික අත්හදාබැලීම් ඇමෙරිකාවට තර්ජනයක් වන බවට විවාදයක් නැති බව පවසන අතර උතුරු කොරියාවේ මෙම ප්‍රකෝපකාරී ක්‍රියා තමන් බරපතල ලෙස සළකා බලන බවද කියා සිටි.