කෑ බත් පතේ පහරා, මිලානෝ ලංකාරාමයේ කොරහත් බිඳ චීවධාරී ඔලබොඩුවේ ධම්මික මුදලාලි පලා ගොසින්

බැලූ බැල්මට අහින්සක යෝ
කහපාට ජාතික මැර යෝ
කන්න ඕන නම් කබර යෝ
දහම විකුණා පැවිදි කෙරු වෝ
(කවි සංකල්පනා උපුටා ගනීම : - උදය ආර්. තෙන්නකෝන්)

15 වෙනි වසරට පා තබන මිලානෝ ලංකාරාම විහරස්ථානය පිළිබදව නැවතත් කතා කිරීමට සුවිශේෂ කරුණක් නිමිත්ත වී තිබේ.

එම කාරණාව මඳක් පසුවට තබා ලංකරාමය ගැන කෙටි සටහනක් තැබීම සුදුසු වේ. මිලානෝ ශ්‍රී ලංකා මිත්‍ර සංගමයේ යෝජනාවක් අනුව පිහිටුවා ගන්නා ලද ශ්‍රී ලංකා බෞද්ධ සංගමය මගින් " ලංකාරාමය " නමින් විහාරස්ථානයක් ගොඩනඟන ලද බව මෙහි සටහන් කරන්නේ එහි ආදි කර්තෘවරුන්ට කරනු ලබන ගෞරවයක් ලෙසය. එතැන් සිට ඉතාලියට පැමිණි ශ්‍රී ලංකිකයින් දහදුක් විඳ උපයන ලද මුදල් සහ තම ශ්‍රමය වැය කර මෙම විහාරස්ථානය ඔබ අප කාටත් සතුටට පත්විය හැකි ඉතාලියේ ශ්‍රී ලාංකික ආඩම්බරය බවට පත්කර ඇත.

ආරම්භයේ සිට අද දක්වා ලංකාරාම විහාරස්ථානය මේ තිබෙන තත්වයට ගෙන ඒමට, ශ්‍රී ලංකා බෞද්ධ සංගමය සමඟ එක්ව සිය කාලය , ශ්‍රමය, දැනුම කැප කළ සියලුම භික්ෂුන් වහන්සේලා නමස්කාර පුර්වකව සිහිකල යුතුය.



අද වන විට මෙහි ප්‍රධාන මාතෘකාව වන්නේ මිලානෝ ලංකාරාම විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ විසු ඔලබොඩුවේ ධම්මික ස්වාමීන් වහන්සේය. 2005 වසරේ සිට සිය නායක හාමුදුරුවන් විසින් ඔලබොඩුව ශ්‍රී ජයවර්ධනාරාමයෙන් පන්නා දමා සිටි උන්වහන්සේ 2006 වසරේ ජනවාරි මාසයේදී ලංකාරාමස්ථ දායක සභාව හඳුනා ගැනීමෙන් පසු ලංකාරාම විහාරස්ථානයට වැඩම කරනු ලැබ ඇති බව වාර්ථා වේ. 2006 වසර තුල ශ්‍රී ලංකා බෞද්ධ සංගමය ඔලබොඩුවේ ධම්මික හිමියන් සමඟ එක්ව ලංකාරම විහාරස්ථානයට නව මුහුණුවරක් දෙනු ලැබේ.

2007 වසරේ සිට පෞද්ගලික අරමුණු වලින් තොරව ලංකාරම විහාරස්ථානයට මාහැඟි සේවයක් කරනු ලබන්නේ පුජ්‍ය පැල්ගහතැන්නේ සීලවිමල ස්වාමීන් වහන්සේ විසිනි. දහම් පාසල් සිසුන් 150 දක්වා වර්ධනය කිරීම , ළමා සීල ව්‍යාපාර ආරම්භ කිරීම, ධර්ම ශාලාව උණුසුම් කිරීමේ උපකරණ සවිකිරීම, අප ද්‍රව්‍ය පිටකිරීමේ බට පද්ධතිය මහා මාර්ගයට සම්බන්ධ කිරීම, වලාකුළු බැම්ම, බෝධි ප්‍රාකාරය වැනි දේ ලංකාරාමයට ලබා දීමට සිය ශ්‍රමය දහඩිය වගුරවමින් කරන ලද සේවය නමස්කාර පූර්වකව සිහි කරනු ලබයි.

2007 වසරේ සිට ධම්මික හිමියන් ලංකාරමයට වැඩම කරනු ලැබ ඇත්තේ වෙසක් පෙරහැර සමඟ සිල් පිංකම , කඨින පිංකමේ ආගමික වතාවත් සඳහා යැයි පැවසේ.

උන්වහන්සේ එතැන් සිට උනන්දු වන්නේ ලංකාවේ පිහිටි තම විහාරස්ථානය දියුණු කර ගන්නේ කෙසේද යන්න පිළිබඳවයි. ලංකාරාමය හරහා හඳුනාගන්නට ලැබුණු ව්‍යාපාරිකයින් ලවා දෙමහල් මන්දිර ඉදිකර ගනිමින්ද සුඛෝපභෝගී වාහන මිලට ගනිමින්ද භෞතික සම්පත් ළගාකර ගැනීමේ කටයුත්තට අත ගසා තිබුණි. ලංකාරාමයේ වැඩ සිටි

මෙම අවුරුදු හය පුරාවට ධම්මික හාමුදුරුවන් නිසා අධ්‍යාත්මය දියුණු කරගත් කිසිවෙක් අපට හමු වී නැත.

ලංකාරාමයේ ලිපි ලේඛණ උපයෝගී කරගනිමින් ලංකාවේ ප්‍රසිද්ධ හාමුදුරුවරු " ධර්මදුත කටයුතු " යන පදයට මුවා වී යුරෝපයේ සංචාරය සඳහා අවස්ථාව ලබා දෙන ලදී. ඒ උන්වහන්සේට අවශ්‍ය අනාගත පදවි තානාන්තර සඳහා පෙරමග සකස් කර ගැනීමටයි.

මිලානෝ නගරයේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවගේ දහඩිය මහන්සිය සූරාගෙන ගොස් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පවත්වන ලද උත්සව වල මහා නායක හිමිවරු වඩම්මවා ඒ තුලින් හැඳුනුම් කම් ඇතිකර ගැනීමද තවත් එක් වික්‍රමයකි.

ඉන් නොනැවතුණු උන් වහන්සේ ශ්‍රී ලංකා බෞද්ධ සංගමයේ සභාපති සමග එක්ව සංගමයේ අනෙකුත් නිලධාරීන්ගේ ඇස්වලට වැලිගසා එම සංගමයේ ලිපි ලේඛණ හොරට පාවිච්චි කරමින් මිනිස් ජාවාරමක යෙදී මුදල් උපයා ඇත. ( මීට ප්‍රථම අප විසින් හෙළිකල පුවත් හා සබැඳේ )

වසර ගණනාවක් තිස්සේ ඉමහත් පරිශ්‍රමයක් දරා 2009 වසරේදී ශ්‍රී ලංකා බෞද්ධ සංගමය, ඉතාලි බෞද්ධ සංගමයේ සාමාජිකත්වය ලබා ගන්නා ලදී. ඉන්පසුව දීර්ඝ කාලීන වීසා සමඟ ලංකාරාමයට භික්ෂූන් වහන්සේලා වැඩම විය හැකිවිය. එය ශ්‍රී ලංකා බෞද්ධ සංගමය තම ඉතිහාසයේ ලද අනගි ජයග්‍රහණයකි. ඉතාලිය තුළ රජයේ ආයතනයන්හි පිළිගැනීමක් ලැබුණි. ඉතාලි රජයේ ආයතනවලින් විවිධ කටයුතු කර ගැනීමට හැකිවිය.

තම බඩගෝස්තරය සඳහා ඕනෑම ජඩයෙකු සමඟ එකතුවන ධම්මික හාමුදුරුවෝ මේ සියල්ල අද අපෙන් උදුරාගෙන ඇත. ඉතාලි බෞද්ධ සංගමයට ලිපි යවා ලංකාරාමස්ථ ශ්‍රී ලංකා බෞද්ධ සංගමයේ සාමාජිකත්වය 2012 ජනවාරි 01 දා සිට අහෝසි කර ඇත.

මේ පින්බිම ආරක්ෂා කරනවා යයි කියන ධම්මික හාමුදුරුවෝ මිලානෝවල දුක්විඳින ජනතාව විසින් ගොඩ නගන ලද ලංකාරමය විනාශ කර දමා ඇත. මේ චීවරධාරියාට

ලංකාරාම විහාරය සදාකාලිකව බාරදිය යුතු යැයි යෝජනා කිරීමට තරම් නිවට නියාලු බේබදු නිලධාරීන් වර්ථමාන බෞද්ධ සංගමයට පත්ව සිටී. ඒ උන්වහන්සේගේම පත්කිරීම් බැවින් පුදුම විය යුතු නැත.

( මිලානෝ ලංකාරාමයේ වැඩවසන හිමිවරුන්ට විරුද්ධව බේබදු නිලධාරීන් ලියූ අවලාද ලිපිය මතු සම්බන්ධයි.)

මිලානෝ වාසි බෞද්ධ අබෞද්ධ ජනතාවට කෙරෙන විවෘත ආරාධනයයි. හොර චීවරධාරියෙකුගෙන් ලංකාරාම විහාරස්ථානය බේරා ගැනීමට ඉදිරිපත් වන්න.