දකුණු අප්‍රිකාවේ ප්‍රථම ජනාධිපතිනිය මලාවි රාජ්‍යයෙන් පත් වේ.



l කිෂානි වැලිවිටිගොඩ

ජනාධිපති බිඟුවා මුතරිකාගේ මරණයෙන් පසුව එරට රජය විසින් අගමැති ධුරය හෙබ වූ ජොයිස් බන්දා නව ජනාධිපතිනිය ලෙස පත් කොට තිබේ. මලාවි රාජ්‍යයේ 2009 වර්ෂයේ සිට අගමැති ධුරය හෙබ වූ ජොයිස් බන්දා මලාවි රාජ්‍යයේ අගනුවර වන ලිලෝන්ග්වේ හි පිහිටි පාර්ලිමෙන්තුවේදී ඊයේ දින (7) නව ජනාධිපතිනිය ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ඇය දකුණු අප්‍රිකාවේ ප්‍රථම ජනාධිපතිනිය බවට පත් විය.

එරට හිටපු ජනාධිපති වන බිඟුවා මුතරිකාගේ මරණය හර්දයාබාධයක් හේතුවෙන් සිදු වී ඇති බවට විදෙස් පුවත් එජෙන්සි වාර්තා කරයි. මිය යන විට මුතරිකා 78 වෙනි වියේ පසු විය.