එයිශ්චර්යේ දියණියට ගල් ගසා මරා දමයිද?



හර්ෂි සි. පෙරේරා

සවුදි අරාබියේ බලදාරින් ශ්‍රී ලාංකීය කාන්තාවක් ගල් ගසා මරා දැමීමට නියෝග කර ඇත. ඒ 13 හැවිරිදි සවුදි දියණියකට හූනියම් කලේ යන චෝදනාව මතයි. මෙම දැරිවිය පවුලේ අය සමග සාප්පු සවාරියේ ගොස් ඇති අතර ඇය ශ්‍රී ලාංකීය කාන්තාවට සමීපව පැමිණීමෙන් පසුව මානසික අසාමාන්‍ය තාවක් පෙන්නුම් කල බව ඇගේ පියා චෝදනා කරයි. සවුදි ආරබියාවේ අපරාද නඩු පිළිබද සංග්‍රහයක් ලියවී නැති අතර නඩු පටිපාටිය විනිසුරන් මත පදනම්ව තිබේ. හූනියම් කල ඕනෑම අයෙකුට දෙන දඩුවම ගල් ගසා මරා දැමීමයි. දෙසැම්බර් මස මෙවැනිම චෝදනාවකට සවුදියේ කාන්තාවක් ගල් ගසා මරා දැමීම ජාත්‍යන්තර ක්ෂමා සංවිදානයේ දැඩි හෙලා දැකීමට හේතු විය.