ඉන්දීය "අග්නි 05" බටහිරට කෙසේවෙතත් චීනයේ අප්‍රසාදයට හේතු වී තිබේ.



හර්ෂි සි. පෙරේරා

ඉන්දියාව අත්හදා බැලු මිසයිලයට චීනයට සහ යුරෝපයේ ගැබුරු ස්ථාන ඉලක්ක කල හැක. බ්‍රහස්පතින්දා අත්හදා බැලු මෙය සාර්ථක වූ බව විද්යන්ඥයෝ පවසති. එය හොදින් ඉලක්කය මත පතිත වූ බවද ඔවුහු පවසති. මෙය චීනයෙන් සිදු වියහැකි තර්ජනයක්ද මනසේ තැන්පත් කරගෙන සිදු කරන ලද්දකි. මෙවැනි දිගු දුර ආයුද ඇත්තේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් වන චීනය, ප්‍රංශය, රුසියාව, ඇමෙරිකාව , බ්‍රිතාන්‍ය යන රට වලට සහ ඉශ්‍රයාලයට පමණක් බවද පැවසේ. ලොව ආර්ථික බලවතකු ලෙස ඉදිරියට එන ඉන්දියාව මෑත අවුරුදු වලදී ලොව ඉහල පෙලේ ආයුද ගෙන්නන්නකු බවටද පත් විය. මේ අත්හදා බැලීමේදී ඉන්දියාව මිට දින කිහිපයකට පෙර මිසයිලයක් අත්හදා බැලු උතුරු කොරියාව මෙන් බටහිරෙන් බැනුන් ඇසුවේද නැත. නමුත් මෙය චීනය අනුමත කලේ නැත.