විශිෂ්ඨ සොයාගැනීම් කල ශ්‍රී ලාංකිකයන්ට උපහාර උළෙලක්

විශිෂ්ඨ සොයාගැනීම් කළ ශ්‍රී ලාංකිකයන්ට උපහාර පිරිනැමීමට සමස්ත ලංකා හැලඩෝල් සංගමය කටයුතු යොදා ඇති අතර එම උපහාර උළෙල මෙම මස 26 දින මුල්ලේරියාව රෝහලේ මුළුතැන්ගේ සවස 5 ට පැවැත්වේ. එම උත්සවයේදී විශිෂ්ඨ සොයාගැනීම් කළ පහත නම් සඳහන් විශිෂ්ටයන්ට උපහාර පිරිනැමෙන අතර උත්සවය අවසානයේදී 18 වන ව්‍යයවස්ථා සංශෝදනය සහ බලය බෙදීම පිලිබඳ දේශනයක් උපේක්ෂා ස්වර්ණමාලි මන්ත්‍රීවරිය විසින් පවත්වනු ඇත.

1.බන්දුල ගුණවර්ධන. රු 2500 කින් මාසයක් ජීවත් වීවිය හැකි බව සොයාගැනීම
2.විමල් වීරවංශ. -මහල්ලා සහ මුහුද" ලිව්වේ "ගී ද මෝපසාං" යැයි ගවේෂණාත්මකව සොයා ගැනීම
3.සුසිල් ප්‍රේමජයන්ත. මුලින්ම හඳට ගියේ යූරි ගගාරින් බව සොයා ගැනීම
4.විජිත් විජිතමුණි. ජේසුස් වහන්සේට ඇන ගැහුවේ අරාබි ජාතිකයින් බව සොයා ගැනීම
5 ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න - ගැලිලියෝට වස දීමෙන් මරා දැමුණු බව සොයා ගැනීම
6.ජැක්සන් ඇන්තනි.ජනපති බුදුන්ගේ ලේ නෑයෙක් බව සොයා ගැනීම.
7 මහින්ද යාපා අබේවර්ධන - ගොයම් පැලය පර පරාගනය සිදු කරන බව සොයාගැනීම

රණ රාල