නව අවුරුද්දේ ගුණරත්නම් සහ දිමුතුගේ වගවීම.



හර්ෂි සි. පෙරේරා

අවුරුද්ද උදා වීමට පෙර ඔවුහු නිදහස් වුහ. එය සැමගේ සතුටට හේතු විය. දැන් ලලිත් සහ කුගන් දෙදෙනාත් කොටුව පොලිස් සුබසාදක ගොඩනැගිල්ලේ රදවා සිටින බව විවිද පාර්ශව ප්‍රකාශ කරති.

මේවන විටත් දිමුතු සහ ගුණරත්නම් තමන්ට සිදුවූ අපරාදය ගැන අදාල වගකිවයුත්තන්ට පැමිණිලි කර ඇද්දැයි අපි නොදනිමු. එසේ සිදු කර නැතිනම් එය ඔවුන් දෙදෙනා සිදු කරන බරපතල වරදකි. එමෙන්ම එවැනි අපරාද තව දුරටත් සිදුවීමට ඉඩ ප්‍රස්තා නිර්මාණය කිරීමකි.

දිමුතු සහ ගුණරත්නම් තම සිද්දිය ප්‍රචාරණය කිරීමට පමණක් සිමා නොකර එයට යුක්තිය ලබා ගැනීම දක්වා ඉදිරියට යාම ජනතාව වෙනුවෙන් දේශපාලනය කරන්නන් වශයෙන් නොබියව කල යුත්තකි. එවන් පියවරක් ගැනීම ලලිත් සහ කුගන්ගේ ඉරණම සම්බන්දයෙන් මෙන්ම මෙවන් අපරාද ශ්‍රී ලංකාවේ සිදුවීම වැළැක්වීමටත් වැදගත් මෙන්ම අනිවාර්ය වුවකි.