ඔවුන් මට ලිංගික වදහිංසා කළා - කුමාර් සිද්ධිය හෙළි කරයි

මීට ස්වල්ප වෙලාවකට පෙර ඔස්ට්‍රේලියාවේදී මාධ්‍ය ඇමතු ප්‍රේමකුමර් ගුණරත්නම් මහතා තමාට ආණ්ඩුවේ ඒජන්තයින් තමන් පැහැර ගැනීමෙන් පසු සිදු වූ දෑ පිළිබඳව විස්තර කරනු ලැබීය.

තමන් පැහැර ගැනීමෙන් පසු දින තුනක් රඳවාගෙන දෑස් බැඳ තබා, අත්වලට සහ පාදවට මාංචු දමා ලිංගිකව මෙන්ම ශාරීරික වද හිංසාවට ලක් කළ බව ඔහු අද පසවරුවේ සිඩ්නි හී පිහිටි තම නිවසේදී දී පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

ඕස්ට්‍රේලියානු ආණ්ඩුව මැදිහත් නොවන්නට මගේ සහෝදරයා , සහ දහස් ගණනක් වූ දේශපාලන ක්‍රියාදාරයින් මෙන්ම ජනමාධ්‍යවේදීන් මරා දැමු අකාරයට තමන් මරා දැමීම නිශ්චිත බව, කුමාර් එහිදී වැඩි දුරටත් සඳහන් කළේය.