ඉන්දියාව : "දුවේ නුඹ මාගේ ප්‍රාණයයි " නොකියූ තාත්තා


l කිශානි වැලිවිටිගොඩ

මවු පියන්ගේ උතුම්ම වස්තුව දරුවන්ය. එහෙත් ඉන්දියාවේ එක් මවුපිය යුවලකට උපන් බිලිඳා දැරියක් වීම හේතුවෙන් ඇති වූ තත්වය ඛේදනීය ජනකයි. තෙමස් හැවිරිදි දැරියක් ඇය ගැහැණු දරුවෙක් වී ඉපදීම හේතුවෙන් උරණ වී පියා විසින් ඇයට පහර දීම නිසා රෝහලට ඇතුලත් කළ පසු අද දින (11) මියගොස් ඇති බවට දකුණු ඉන්දියාවේ රෝහලක වෛද්‍යවරයෙක් විදෙස් පුවත් එජෙන්සි වෙතට වාර්තා කර තිබේ.

ඇෆ්රීන් නමැති මෙම දැරිවිය ඉරිදා දින (08) බැංගලෝර් හි පිහිටි රෝහලට ඇතුලත් කරන ලද්දේ හිසේ තිබුණු  පිළිස්සුම් තුවාල සහ ගෙලෙහි සන්ධි විසන්ධි වීම හේතුවෙනි. දැරියගේ ශරීරයේ තිබු තුවාල ඇයගේ පියා වන උමාර් ෆාරුක් විසින් පහර දීමෙන් සිදු කළ තුවාල බවට පොලිසිය පවසයි.

22 හැවිරිදි ෆාරුක් මෝටර් රථ වර්ණ ආලේප කරන්නෙක් ලෙස කටයුතු කරන අතර ඔහු ඇෆ්රීන් දැරිවිය මරන්නට තැත් කිරීමේ චෝදනාව යටතේ පසු ගිය ඉරිදා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙන අතර දැරිවියගේ මරණය සම්බන්ධයෙන් ඔහු සම්බන්ධයෙන් නිසි ක්‍රියා මාර්ගයක් ගන්නා බවට පොලිසිය පවසයි. ෆාරුක් මෙම මරණය සම්බන්ධයෙන් පාපොච්චාරණය කර ඇති අතර ඔහු පවසා සිටියේ ඔහුට අවශ්‍ය පිරිමි දරුවෙක් බවයි. ඇෆ්රින් දියණිය ෆාරුක්ට සහ 19 හැවිරිදි වියේ පසුවන ඔහුගේ බිරිඳට දාව උපන් ප්‍රථම දරුවා විය.