| අමිල ගුණරත්න
ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2011 මාර්තු සිට 2012 වසරේ දක්වා කාලය තුලදී රු. බිල්යන 19ක පමණ අලාභයක් ලැබූවේය. මෙම අලාභය ගෙවන්නේ ජනතාවගේ මුදල් වලිනි. ඒ නිසා අත්‍යවශ්‍ය ආහාර ඉන්ධන බස්ගාස්තු යනාදී සියල්ලම ඉහල දැමීමට රජය නොපැකිලේ. පාඩු ලැබීම නිසා ශ්‍රී ලංකන් ගුවන් සමාගම මිලාන්, රෝමය හා සුරිච් යන ගමනාන්ත කරා සිය ඍජු ගුවන් සේවා ඉල්ලුම අඩු කාලවලදී නතර කිරීමට තීරණය කළේය. මේ තීරණයට කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් තදින්ම විරුද්ධ වී ඇත. එම නිසා අරගලියගහ මන්දිරයේදී ජනාධිපතිතුමා හමු වූ කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් යළි මිලාන්, රෝමය හා සුරිච් යන ගමනාන්ත කරා සිය ඍජු ගුවන් සේවා පවත්වාගෙන දිගටම පවත්වාගෙන යාමට අනුසාසනා කොට තිබේ. මේ අනුව ජනාධිපතිතුමා මිලාන්, රෝමය හා සුරිච් යන ගමනාන්ත කරා සිය ඍජු ගුවන් සේවා ඉල්ලුම අඩු කාලවලදී නතර කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගත් මේ තීරණය අත්හිටුවීමට ශ්‍රී ලංකන් බලධාරීන්ට නියෝග කර තිබේ. ඒ නිසා තවත් රුපියල් මිලියන ගණනක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩු ලබන අතර මෙම පාඩුව පියවා ගැනීමට භූමිතෙල් බෝතලය අඩු මිලට ඉල්ලා ඔළුවට හිල් දෙකක් ලබාගත් හලාවත ඇන්ටනි වැනි දුගී කතෝලික ධීවරයන්ද අස්වැන්න විකුණා ගැනීමට නොහැකිව කඩයට ණය වන දඹුල්ල පැත්තේ බොදු ගොවීන්ද තව තවත් දුප්පත්කමේ විෂම චක්‍රයට ඇදී යති. ශ්‍රී ලංකන් ගුවන් සමාගම මගින් ඉඳහිට ගුවනින් වතිකානුවට යාමට කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් තුල ඇති ආශාව අපට තේරුම් ගත හැකිය. නමුත් මේ නිසා රටේ දිළින්දන් ගෙවිය යුතු මිල ගැන උන්වහන්සේට හැඟීමක් නැති වීම ගැන අප කණගාටු වෙමු. සියලු දිළින්දන් භාග්යවන්ට බව ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ කොට තිබේ. ක්‍රිස්තුස් වහන්සේ ජිවත් වුයේ බොරු අටෝපයෙන් තොරව දිළින්දන් අතරය. ඒ නිසා දිලිදුන්ගේ දුක ගැන උන්වහන්සේටඅවබෝධයක් තිබුනේය. ක්‍රිස්තුස් වහන්සේ අද වැඩ සිටියේ නම් මෙම ක්රියාවේ හිස් බව සහ ඉන් දිලිදුන්ට වන හානිය ගැන කාදිනල් මැල්කම් රංජිත් ට පහද දෙනු ඇත.
Post a Comment