අරාබියෙන් බැරිනම් ඕන තැනකින් support එක ගන්න. එත්.......

හර්ෂි සි. පෙරේරා

සුනිලා අබේසේකර, සරවනමුත්තු සහ නිමල්කා පරනාන්දු යන මහත්ම මහත්මීන්ට ජිවිත තර්ජන එල්ල වී ඇත්තේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ආණ්ඩුවට ප්‍රතිවිරුද්ද අදහස් උදහස් දැක්වීම නිසාය. මේ දකුණේ ආණ්ඩුවේ අදහස් ප්‍රකාශනයට ඇති අයිතිය ගැන මනා සාක්ෂියකි. මෙවන් තර්ජන කරන ආණ්ඩුවක ආරක්ෂක අංශ උතුරේ නිමාවට පත්වූ යුද්දයේදී කෙසේ හැසිරුනාද යන්න සිතා ගැනීම අපහසු නැත. දැන් ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ යෝජනාවක් ගෙන එම වලක්වා ගැනීමට ආරාබි රටවල සහය ද පතයි. මිට මුල්වී කටයුතු කරන්නේ ආණ්ඩුවේ ජෙෂ්ට ඇමතිවරයකු වූ රිෂාඩ් බද්වුජින්ය. එයට කම් නැත. නමුත් අපි දැඩිව ඉල්ලා සිටින්නේ සුවාදින මතදාරීන්ට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ දෙන ලෙසයි. රාජ්‍ය මාද්‍ය ඔස්සේ ඔවුන්ගේ ජිවිත අනතුරට පත් කිරීමෙන් වලකින ලෙසයි.