බුදුන් වදාළ ආර්ය මාර්ගයට පිටුපෑම

මෑතකදී කෝට්ටේ රජ මහා විහාරයේ භික්ෂුන් දෙනමක් ඝාතනයට ලක් විය. මෑත අවුරුදු කීපය ඇතුලත මෙලෙස භික්ෂුන් කිහිප නමක් සහාසික ලෙස මරා දමන ලදී. මෙවර ඝාතනයට ලක් වූයේ භික්ෂුව කෝට්ටේ රජ මහා විහාරයේ බොරලැස්ගමුවේ ජිනරතන හිමියන්ය. එම භික්ෂුව මෙසේ ජිවිතයෙන් වන්දි ගෙව්වේ රක්ෂණ අලෙවි නියෝජිතයෙකු මගින් රක්ෂණ සමාගමක රුපියල් ලක්ෂ 7 මුදලක් තැන්පත් කිරීමට යාමේදීය. ගිහියන්ටත් වඩා තණ්හාව උපාදානය ඇති මෙම භික්ෂුන් ඔවුන්ගේ අසීමිත ධන තණ්හාව නිසා විහින් අමාරුවේ වැටෙති. බුදුන් වදාළ ආර්ය මාර්ගයේ නොව සක්විතිලා ගිය පට් පට් ගා සල්ලි සොයන බිස්නස් මාර්ගයේ ගිය භික්ෂුන් කිහිප නමක් මෙසේ පසුගිය කාලයේ කූටයන් විසින් අපවත් කරවන ලදී. සිවුරු පොරවාගෙන මුදල් තණ්හාවෙන් අන්ධව බුදු මග හැරපියා වියාපාරික මාර්ගයේ යන යතිවරුන්ට මේවා හොඳ පාඩම් ය. මේ විපරිතයන්ට ඇතැම් මහා නායකලාද වග කිව යුතුය. උදාහරණයක් ලෙස බෙල්ලන්විල විමලරත්න වැනි මහා නායක හිමිවරුන්ද පන්සල්වල සල්ලි වංචනිකව තමන්ගේ නමින් ගෝල්ඩන් කී ආයතනයේ තැන්පත් කිරීමෙන් අනෙකුත් භික්ෂුන්ට ලබා දී ඇති පහත් ආදර්ශය මෙවැනි සාසන විලෝපයන්ට හේතු කාරනා වේ. ගුරුන්නාන්සේලා හිටගෙන මුත්‍රා කරන විට ගෝලයන් දුව දුව මුත්‍රා කරන බව මේ නායක හාමුදුරුවරු වටහා ගත යුතුය.

සුපුන් පෙරේරා