පීඩිත ජනයා අතරින් පාර්ලිමේන්තුවට පැමිණි දේශපාලකයන් බොහෝ විට තම පෑගුණු පන්තියේ ජනතාව නගා සිටවීම වෙනුවට දේශපාලනයෙන් මුදල් හම්බ කොට පන්ති අතික්රමනයක් කොට හොරෙකු , තක්කඩියෙකු වී දිළිඳු කාලයේ තමාට කිරීමට හෝ ලබා ගැනීමට නොහැකි වූ සැප ජනතා මුදල් වැය කොට ලබා ගැනීම අද ලංකාවේ දේශපාලනයේ සැබෑ වූ යථාර්තයකි. මේ සඳහා එක උදාහරණයකි වීරකුමාර දිසානායක. මොහු මුලින්ම පෙනී සිටියේ ජනතාවගේ විමුක්තිය වෙනුවෙනි. ඉන් අනන්‍යතාව ගොඩනගාගත් පසු රජයට සහය දක්වා ජාතික නිදහස් පෙරමුණ ඔස්සේ වර්තාමානයේ සම්ප්‍රදායික කර්මාන්ත සහ කුඩා ව්‍යාවසාය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය ධුරය දරයි. අමාත්‍යංශයේ මුදල් කාබාසිනියා කිරීමේ සිට අමාත්‍යංශයේ සල්ලාල හැසිරීම් දක්වා චෝදනා වීරකුමාර දිසානායක චෝදනා ලබා සිටියි. ඔහු තම පෞද්ගලික ලේකම් ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවයකල යුවතියක් තම පත් කරගෙන ඇත. ඇය ඔහුගේ පෞද්ගලික ලේකම් තනතුරට අමතරව අනියම් බිරිඳ ලෙසටද තනතුරක් දරන්නීය. එසේම මෙම පෞද්ගලික ලේකම්වරිය දැන් ඔහුගේ අමාත්‍යංශයේ උසස් නිලධාරීන් පවා මායිම් නොකොට ඔවුන්ටද බැන වදින බව වාර්තා වේ. මේ නිසා සම්ප්‍රදායික කර්මාන්ත සහ කුඩා ව්‍යාවසාය පිළිබද අමාත්‍යංශයේ අධ්‍යාපන සුදුසුකම් ඇති පිරිස් වෙනුවට ඉහලට මතු වී ඇත්තේ එක විශේෂිත ගැනුම්කරුවෙකුට සේවය ලබා දෙන ගණිකාවකි.
වීරකුමාර දිසානායක නියෝජ්‍ය අමාත්‍යවරයාට ඇති චෝදනා ලැයිස්තුව මෙසේය
නියෝජ්‍ය අමාත්‍යවරයා රුපියල් ලක්ෂ 115 කට මාලඹේ ප්‍රදේශයෙන් නිවසක් පෞද්ගලික ලේකම්වරියට ලබා දීම
පසුගිය වසරේ දෙදෙනාගේ අතිරේක වාහන වියදම රුපියල් ලක්ෂ 20 කි.
වතුර බෝතල් සඳහා මසක වියදම ලක්ෂයකි
නව වසර වෙනුවෙන් මුද්‍රණය කල සුබපැතුම්පත් කාඩ් 16000 න් 8000 ක් පමණ තවමත් කාර්යාලයයේය.
අමාත්‍යංශයට අයත් කාර්යාල උපකරණ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පක්ෂ කාර්යාලයට ගෙන ගොස්ය.
ලක්ෂ 115 කට මිලදී ගත් නිවසට රජයෙන් ගෙවල් කුලී දීමනාවක් ලෙස රුපියල් 50,000 ක් ලැබෙන අතර එය ලබා ගන්නේ පෞද්ගලික ලේකම්වරියයි.
ලක්ෂ එකහමාරක මාසික කුලිය යටතේ පෞද්ගලික ලේකම්වරියට මෝටර් රථයක් ලබා දීමට සැලසුම්කර තිබීම.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම යනු සත පහකට වැඩක් නැති කිසිදු බලයක් නැති හාල් මැස්සන් පමණක් අල්ලන ආයතනයක් බව අප දනිමු. නමුත් ජනතාව වෙනුවෙන් යුතුකමක් ලෙසට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ කොමසාරිස් වෙත මේ සම්බන්දයෙන් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටිමු.
රණරාළ
Post a Comment