කල යුත්තේ කුමක්ද?


හර්ෂි සි. පෙරේරා

එක්සත් ජාතීන්ගේ රටවල් 24 ක් අපට එරෙහිව යාමට අප කල වැරැද්ද කුමක්ද?

රසායනික අවි සහ නියෂ්ටික අවි නිපදවීමද? එසේත් නැතිනම් වෙනත් රටවල් ආක්‍රමණය කිරීමද? එහෙමත් නැතිනම් ලිබියාව මෙන් අහස්යත්රා පුපුරුවා හැරීමද? නැත. එහෙත් දශක කිහිපයක සිට රටේ සිදුවුයේ කුමක්ද? මහජනතාවට දෙමල මුස්ලිම් සිංහල යන බේදයකින් තොරව සිදුවුයේ කුමක්ද? 88/89 බිෂණය සිදුකල වුන්ට නඩු පැවරිද? එම කාල පරිච්චේදයේ පිඩාවට ලක්වූවන්ට යුක්තිය ඉටුවුයේද? ඔවුන් සම්බන්දයෙන් වර්තමානයේ සිදුවන්නේ කුමක්ද? අහිංසකයින්ගේ ආරාමය කඩා දැමීමයි.

30 අවුරුදු යුද්දය නිමා විය. එහිදී බරපතල මානව හිමිකම් උල්ලන්ගනයන් සිදුවූ බවට රාජපක්ෂ ආණ්ඩුවට බරපතල චෝදනා එල්ල වේ. යුද අපරාද සහ බරපතල මානව හිමිකම් උල්ලන්ගනයන් යුද්ද අවස්ථාවකදී සිදුවුවත් ඒවා ජාත්‍යන්තර නිතිය උල්ලංගනය කිරීම් වේ. ඒ සියල්ලද රසායනික අවි නිපදවීම් ගුවන්යානා පුපුරවා හැරීම් තරම්ම බරපතල වේ. අද සුවාදින රුපවාහිනියට අදහස් දැක්වූ අමාත්‍ය බැසිල් රාජපක්ෂට අමතක වුයේ නැතිනම් ඕන කමින් අමතක කලේ මෙම තත්වයයි.

ඉන්දීය විදේශ ලේකම් මෑතකදී ලංකාවේ සංචාරය කල අවස්ථාවේ ජනාදිපති රාජපක්ෂ ඔහුට පොරොන්දුවුයේ 13 වන ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝදනය ක්‍රියාවට නගන බවයි. එත් ඔහු රටින් පිටවන විටම රාජපක්ෂ රටේ ජනයාට කිවේ තමන් එය ක්‍රියාත්මක නොකරන බවයි. මේ දෙකේ පන්තියේ රාජ්‍යතාන්ත්‍රික සබදතා පැවැත්වීමක් වේ.

සිදු කල යුත්තේ ලොකු කුඩා බේදයකින් තොරව සැමට යුක්තිය ඉටු කිරීමයි. කාපට් දැමු පාරවල් වල පොලිස් නිලදාරීන් දඩ කොළ ලියමින් අල්ලස් ගන්නා ආශ්චර්යකින් පලක් නැත. ඊළගට ලොව සියලු රටවල් සමග යහපත් සබදතාවක් ඇති කර ගත යුතුව ඇත. ඒ සදහා රාජ්‍යතාන්ත්‍රික කටයුතු වචාලයින්ට බාර දීමෙන් වැළකිය යුතුය. මෙම පරාජය ගැන තව දුරටත් වහසි බස් කියමින් නංදෙඩවීම නතර කර සියලු ශ්‍රී ලාංකිකයින්ට යුක්තිය සාදාරනය ගරුත්වය හිමිවන වාතාවරණයක් රට තුල ස්ථාපිත කිරීම බාල පරම්පරාව ගැනවත් සිතා කල යුතුව ඇත.