සුප්‍රකට පොලිස් වලත්තයා, යාපනය ඕඅයිසී සිගේරාට පාඩමක් උගන්වන්න කෙනෙක් නැද්ද?

ලංකා ඊ නිව්ස්

යාපනය පොලීසියේ ස්ථානාධිපති සමන් සිගේරා නම් සුප්‍රකට පොලිස් වලත්තයා නිසා එහි සේවය කරන කාන්තා පොලිස් නිලධාරීන් මහත් හිරිහැරයට පත්ව ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

ඔහුගේ අයුතු යෝජනාවන්ට අකමැති වන නිලධාරිනියන්ට ද~ුවම් දෙන බවත් කැමැතිවන නිලධාරිනියන්ට ඕනෑම සැපතක් ලබා ගත හැකි බවත් යාපනයේ පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. මොහුගේ ඉවක් බවක් නැති වලත්තකම් නිසා ආත්ම ගෞරවයක් තබාගෙන යාපනය පොලීසියේ වැඩ කටයුතු කළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති අතර මේ පිළිබඳ ඉහළ නිලධාරීන්ට කරන ලද පැමිණිලි විශාල සංඛ්‍යාවක් ඇතත් ඒවා ද අතරමගදී අතුරුදහන් කිරීමට තරම් ඕඅයිසී සමන් සිගේරා බලවත් වී තිබේ.

පොලිස් දෙපාර්තමේන්තුව පුරා සුප්‍රකට වලත්තයෙකු වන ඕඅයිසී සිගේරා ගැන කාන්තා නිලධාරීන් විසින් වන්නි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී සිල්වාට කරන ලද ලිඛිත පැමිණිලි සියල්ල නියෝජ්‍ය පොලිස්පති වරයාගේ පුද්ගලික සහකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්ෂ්මන් විෙජ්රත්න විසින් විනාශ කරන බවට අප වෙත පැමිණිලි ලැබී තිබේ.

මෙම සමන් සිගේරා සල්ලි කාරයෙකි. ඔහුගේ මාමණ්ඩිය සමග වාහන කොටස් ලංකාවට ගෙන්වා ලංකාවේ එකලස් කොට නව වාහන ලෙස ලියාපදිංචි කර විකිනීමේ නීති විරෝධී ව්‍යාපාරයක් කැළණියේ කලක පටන් පවත්වාගෙන යන අතර ඉන් අධික ලාබයක් උපයන්නෙකි.

මොහුගේ මුළු ජීවිත කතාව පුරාම ඇත්තේ වලත්තකම් ය. වරෙක මොහු ගාල්ලේදී කාන්තා පොලිස් නිලධාරිනියන්ගේ බැරැක්කයකට රාත්‍රියේ රිංගා සෙරෙප්පු පාර කා පසු බැසගොස් තිබේ. තවත් වරෙක මොහු සීදුව පොලිසියේ ඕඅයිසී වරයාව සිටියදී නිදහස් වෙළඳ කලාපයේ තරුණියක් මොහුට රැවටී ගැබ් ගැනීමට ලක් ව තිබේ. පසුව ඇය සැක කටයුතු ආකාරයෙන් මියගොස් ඇත. ඒ මරණය ගැන දී ඇත්තේ විවෘත තීන්දුවකි. එහිදී මොහු වැඩ තහනමකට ද ලක්ව තිබේ. ඕඅයිසී සිගේරා දෙතුන් වතාවක්ම වැඩ තහනමට ලක්ව ඇති පුද්ගලයෙකි.

ඉහල නිලධාරීන්ට ජරාව දීමෙන් ජාම බේරා ගැනීම මොහුගේ ප්‍රතිපත්තිය වන අතර මොහු පොලිස් ස්ථානාධිපති ධූරයට පත්ව ඇත්තේද එවකට පොලිස්පතිවරයාව සිටි වික්ටර් පෙරේරා නම් දූෂිත නිලධාරියාට පැජෙරෝ රථයක් තෑගි ලෙස දීමෙනි. දැන් යාපනයේ සිදුකරන වලත්තකම් වසාගෙන ඉන්නේ ද ඉහලට ජරාව දීමෙනි. පසුගියදා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට මොහු විසින් රුපියල් 40000 ක් වටිනා වතුර මෝටරයක් තෑගි දී ඇත.

මොහුගේ අකටයුතු කම් කාන්තා පොලිස් නිලධාරීන්ට පමණක් නොව පොලිස් නිලධාරීන්ටද හිසරදයකි. පසුගියදා දොරේඅප්පා ක්‍රීඩාංගනයේදී ඕඅයිසී සමන් සිගේරා විසින් පොලිස් කොස්තාපල් වරයෙකුට ප්‍රසිද්ධියේ පහර දී ඇත. කොස්තාපල් වරයාද පෙරළා පහර දී ඇති අතර මොහුගේ බලපෑම් මත ඉහල නිලධාරීන් කර ඇත්තේ කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කිරීමයි.

පොලිස්පතිවරයාට තමාගේ පොලිසිය ගැන හොඳ නමක් මහජනතාවගෙන් කෙසේ වෙතත් පොලිස් නිලධාරිනියන්ගෙන් හෝ අසා ගැනීමට අවශ්‍ය නම් මෙවන් වලත්තයන්ට පාඩමක් උගැන්වීමට කොන්ද පණ තිබිය යුතුය.