නීතිඥවරුන්ගෙන් පෙත්සමක්

යුද්ධාධිකරණය ව්‍යවස්ථානුකූල අධිකරණයක් ද යන්න පූර්ණ විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ යළි සළකා බලන ලෙස ඉල්ලා දිවයින පුරා සිටින නීතිඥවරුන්ගෙන් අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් ජාතික නීතිඥ සංගමය කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණ සංකීරණයේදී අද ඇරැඹීය.

ජාතික නීතිඥ සංගමයේ ලේකම් ගුණරත්න වන්නිනායක මහතා පැවැසුයේ නීතිඥවරුන් දෙසීයකගේ පමණ අත්සන් ලැබී ඇති බවයි.