කැලණියට ළඟදීම එක්ස්ටසි ඉරක් පායයි

| අමිල ගුණරත්න

ශ්‍රී ලංකාවේ ලූම්පන් දේශපාලනයේ නව පිටුවක් පෙරලමින් මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා දේශපාලනයට පිවිසීමට තීරණය කොට තිබේ. මේ සඳහා ඔහුට තම (උප්පැන්නයේ සඳහන් ) පියා වන මර්වින් සිල්වාගේ පුර්ණ සහය ලැබෙන බව ප්‍රකාශිතය. නයිට් ක්ලබ් වල වෙඩි තබා ගනිමින් මැර හැසිරීම නිසා උසාවි වල වරෙන්තු පවා තිබු මෙම පින්වත් පුත්‍ර රත්නය තව නොබෝ කලකින් කැලණියේ නන්නත්තාර ජනතාවට දේශපාලනික නායකත්වය ලබා දීමට නියතය. මාලක කුමරුගේ පැමිණීමත් සමග පාතාලය , මත්ද්‍රව්‍ය , සහ මැර දේශපාලනය යන ත්‍රිත්වයේ පුර්ණ ආශිර්වාදය තව දුරටත් කැලණියේ අවාසනාවන්ත ජනතාවට ලැබෙනු ඇත.