l කිෂානි වැලිවිටිගොඩ
කෙන්යාවේ නයිරෝබි නුවරට ආසන්නයේ පිහිටා තිබු බස් නැවතුම් පොළකට ඊයේ (10) සවස එල්ල වූ බෝම්බ ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයන් 6 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී තවත් පුද්ගලයන් 20 කට වඩා වැඩි සංඛ්‍යාවක් තුවාල ලැබූ බව එරට පොලිසියෙන් වාර්තා වේ. මෙම සිද්ධිය ඇසින් දුටු පුද්ගලයෙකු අදහස් දක්වමින් කියා සිටියේ එක්තරා වාහනයක් බස් නැවතුම්පොළ පසු කාරනවාත් සමගම පුද්ගලයෙකු විසින් ග්‍රෙනේඩ් ඇතුළු පුපුරන ද්‍රව්‍ය බස් නැවතුම්පොළ වෙත එල්ල කළ අයුරු තමා දුටු බවයි. එම ප්‍රහාරයෙන් පුද්ගලයන් පිරිසක් තුවාල ලැබූ බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.
ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම මේ වන විට කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් භාර ගෙන නොමැති අතර පොලිස් ප්‍රකාශක චාර්ල්ස් ඔවිනෝ විසින් මෙම මාරාන්තික ප්‍රහාරය සම්බන්ධයෙන් දැඩි ලෙස චෝදනා එල්ල කරන්නේ සෝමාලියාවේ අල් ශාබබ් කණ්ඩායම වෙතය.
Post a Comment