මේ අපේම අපේ රටයි.

 
හර්ෂි සි. පෙරේරා
වේලුපිල්ලේ ප්‍රබාකරන් අවසන් වරට සිටි ස්ථානය ජනතාවට විවුර්ත කෙරේ. මෙය සිද්ද වන්නේ උතුරේ යුද්දයේදී සිදුවූ මානව හිමිකම් උල්ලන්ගනයන් පිළිබද වගවීම ඉස්මත්තට පැමිණ ඇති අවස්ථාවකය. දකුණේ අපිට ඒ ගැන අවබෝදය අඩුය.
 
 නමුත් එහි බරපතලකම දකුණේ රාජ්‍ය ත්‍රස්තවාදය මගින් පසක් කරගැනීමට 05 ශ්‍රේණියේ ලමයකුටද වුව හැකියාව ඇත. දකුණේ රාජ්‍ය ත්‍රස්තවාදය යනු ආරක්ෂක අංශ දියත් කරන්නා වූ ත්‍රස්තවාදයයි. එනම් දකුණේ සෑම පොලිස් ස්ථානයකට අද වදහිංසාව ආයතනගත වුවකි. පොලිසිය හා හමුදාව දිගින් දිගටම අල්ලස් ගැනීමේ සහ කප්පම් ගැනීමේ නිරතවේ. ඊයේ නුගේගොඩ සහකාර පොලිස් අදිකාරී රුපියල් ලක්ෂ 10 ක් අල්ලස් ගැනීමෙන් අත්අඩංගුවට පත් වීමත් සමග එය අපේ රටේ ඉතිහාසයේ වාර්තාවක් බවට පත් විය.
 
මේ සියල්ලෙන් පසක් වන්නේ උතුරු නැගෙනහිර යුද්දයේදී දෙමල මුස්ලිම් ජනයා කොතරම් පිඩාවන්ට පත්වුයේද යන්නයි. දකුණේ සිද්ද වන ආරක්ෂක අංශ වල අකටයුතුකම් ගැන කල හැකි එකම දේ ඒ ගැන හෙළිදරවු කිරීම සහ අපේම අපේ රට මෙබදුයි කියන චිත්‍රයක් මනසේ ඇද ගැනීම පමණි.
 
උගත් පාඩම් හා සංහිදියා කොමිසම ගැන හඩක් නොනැගුවට එහි සිද්දවන දේ සහ සිදුවූ දේ අපට සාපේක්ෂව සිතා ගතහැකි අතර දෙමල ජනයාට සිදුවන අසදාරණය ගැන ඔවුන්ද අප වැනිම මනුෂ්‍යයින් නිසා සංවේදීවීම සහ කලහැක්කේ ඒ පිළිබද පැහැදිලි දැක්මක් ඇති කර ගැනීමයි. නැතුව ආණ්ඩුවට දේශීයව සහ ජාත්‍යන්තරව බුද්දිය සහ උගත්කම උගසට තබා සුදු හුණු ගෑම නොවේ.