ඉරාන නැව් 4ක් ශ‍්‍රී ලංකා ධජය යටතේ

ඉරාන රජයෙන් කළ ඉල්ලීමක් මත ඉරාන වානිජ නැව් 4ක් ශ‍්‍රී ලංකාවේ ධජය යටතේ ලියාපදිංචි කර තිබේ. ඉරානයට පනවා ඇති සම්බාධකවලින් ගැලවී එරට බඩු වෙනත් රටවලට ප‍්‍රවාහනය කිරිම සඳහා උපක‍්‍රමයක් ලෙස මෙම නැව් ලියාපදිංචිය සිදුකර තිබේ.

මහා මාර්ග හා වරාය අමාත්‍යාංශය යටතේ ඇති වෙළද නැව් කාර්යාංශයට ඉරාන නැව් ශ‍්‍රී ලංකා ධජය යටතේ ලියාපදිංචි කරන ලෙස නියෝග කොට ඇත්තේ වරාය විෂය භාර අමාත්‍ය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය.

මීට අමතරව තවත් ඉරාන නැව් 6 ක් ශ‍්‍රී ලංකා ධජය යටතේ ඉදිරි දින කිහිපය තුළ ලියපදිංචි කිරිමට ජනාධිපති කාර්යාලයෙන් උපදෙස් ලැබී ඇතැයි වරාය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.