| අමිල ගුණරත්න
මේ පසුගාමී ගෝත්‍රික රාජ්‍යයේ ජනතාව පහසුවෙන් මුලාවෙති. ඔවුන් මනෝ විකාරයෙන් පෙලෙන මානසික රෝගීන් දෙවියන්ගේ සන්නිවේදකයන් , දෙවියන් සහ මිනිසුන් අතර මාධ්‍ය යනුවෙන් සිතමින් ඔවුනට වඳිති පුදති. ඔවුන් දොඩවන වැල්වටාරම් විශ්වාස කරති. මුදල් උපයා ගැනීම සඳහා ඕනෑම කපටියෙකුට මෙම ගෝත්‍රික ජනතාව දේව හාස්කම් කියා මැජික් පෙන්වා මුලා කල හැකිය. මෙම පසුගාමී ගෝත්‍රික රාජ්‍යයේ සිටින ගෝත්‍රික පත්තර කාරයන්ද මිනිසුන් මුලාවට දැමීමේ රුසියෝය. ඔවුන් සමහර විට කපටින්ගෙන් මුදල් ගෙන ඔවුන්ට දේව බලයක් ඇතැයි ලියති , ඔවුන්ට අනාවැකි කිව හැකි බව ලියති. නැතිනම් පිළිකා පවා සුව කරන එලොවින් ආ ජීවකයන් යැයි කියා ලියති. එවිට ගෝත්‍රික ජනතව අතේ තියන තුට්ටු දෙක මේ කපටින්ට පුද කරති. ඉන්පසුව ගෝත්‍රික පත්තර කාරයන්ට අරක්කු , බුරියානි සමග අමතර මුදලක් ද මේ කපටින් ගෙවති. තුන්සිය හැටපස් දවසේම මුලාවට වැටීම මේ ශ්‍රී ලංකාව නම් පසුගාමී ගෝත්‍රික රාජ්‍යයේ ජනතාවගේ ලක්ෂණයි. උදාහරණයක් ලෙස ගෝත්‍රික ජනතාවට තණකොළ කවන 2012 පෙබරවාරි 26 දා ඉරිදා දිවයින පුවත් පතේ පලවූ ලිපිය බලන්න. ( http://data.gossip9.com/2012/02/2012-2014.html)
Post a Comment