චීන චින්තයේ නියමුවා කොන්ෆියුසියස්‌

| ඌවතැන්නේ සුමන හිමි

සුz රාජ පෙළපත් සමයේ කුෆු රාජ සමයේ ක්‍රි(ව පූර්ව 551 සැප්තැම්බර් මස 28 වෙනි දින උපත ලැබූ කොන්ෆියුසියස්‌ වසර දෙදහස්‌ පන්සියයක්‌ මුළුල්ලේ ලොව පුරා දිවි ගෙවන චීන ජාතිකයින් බහුතරයකගේ ජීවිත ඔපවත් කිරීමට, සෘජුවම දායක වූ සුවිශේෂ ගුරුවරයා, දාර්ශනිකයා, චින්තකයා වූ අයුරු ඉතිහාසය සාක්‍ෂි දරයි. කොන්ෆියුසියානුවාදයේ නිර්මාතෘවරයාණන් වන මොහුගේ වැඩි අවධානයක්‌ යොමු වූයේ මොරල් දර්ශනය, සමාජ දර්ශනය හා ආචාර්ය ධර්ම කෙරෙහිය. චීන බසින් kung \ fu tzu නමින් ද හැඳින් වූ හෙතෙම වචනානුසාරයෙන් මාස්‌ටර් කොංග් master kong නදබට යනුවෙන් හැඳින් විණි. හෙතෙම චීන ජාතික චින්තකයා ය. ඒ වාගේම දාර්ශනිකයාය.

කොන්ෆියුසියානු දර්ශනය පුද්ගලයා හා රාජ්‍ය මොරලිටි කෙරෙහි වැඩි අවධානයක්‌ යොමු කර තිබේ. ඒ වාගේම සමාජ සබඳතාවයන්හීත්, සාධාරණFවයේත් අව්‍යාජ යන ක්‍ෂේත්‍රයන්හි නිරවද්‍යතාව කෙරෙහිත් වඩ වඩාත් සැලකිළිමත් විය. ක්‍රි( පූවර් 206 ත් ක්‍රි( වර්ෂ 220 ත් අතර හත් රාජ පෙළපත් සමයේ ගොඩනැගුණු ටාඕ වාදය හෙවත් ලිගලයිසම් වැනි සෙසු චීන ඉගැන්වීම් කොන්ෆියුසියානු දර්ශනය වඩාත් කැපී පෙනෙයි . කොන්ෆියුසියස්‌ චින්තනය හෙවත් සිතුවිලි කොන්ෆියුසියානුවාදය ලෙසින් හඳුන්වන දර්ශනයක්‌ දක්‌වා වධර්නය වීම එම යුගයේ සුවිශේෂ සිද්ධියකි.

ඔහු සිය ජීවිත කාලය තුළ දී සංස්‌කරණය කළ රචනයන් හෝ වියමන් දක්‌නට නොවූ හෙයින් ඔහුගේ මරණයේ සිට ප්‍රථම චීන අධිරාජ්‍යය ගොඩ නැගූ ක්‍රි( වර්ෂ 221 දක්‌වා කාලය තුළ දී මේ ආකාරයට කොන්ෆියුසියානු වාදය හෝ චින්තනය ගොඩ නැගුණි. ඔහුගේ ඉගැන්වීම් හමුවනුයේ කොන්ෆියුසියානු සුභාසිත වාක්‍යය තුළින් හා නීති වාක්‍යය එකතුවකිනි. ඒවා ද ලියවිලි වශයෙන් සම්පාදනය වනුයේ ඔහුගේ මරණින් වසර ගණනාවකට පසුව වීමත් සුවිශේෂ කාරණයකි. වසර 2000 ක්‌ තරම් කාලයක්‌ මුළුල්ලේ චීන ජාතිකයන් ගේ විශ්වාසය වූයේ සම්භාව්‍ය කෘති පහකම කතුවරයා ඔහු බවයි. විශේෂයෙන් ම චාරිත්‍ර විධි rites සම්භාව්‍ය කෘතියේත්, වාර්ෂික වසන්තය spring හා ශීත autumn සෘතු ඒ අතර කැපී පෙනෙති.

කොන්ෆියුසියානු මූළ ධර්ම මත පොදු චීන ජනයාගේ සම්ප්‍රදාය හා විශ්වාසයන් ගොඩ නැගීම සිදු වී තිබේ. පවුලට හිතෛශී වීම වඩාත් ශක්‌තිමත් කිරීමට කොන්ෆියුසියානු ඉගැන්වීම් වලට හැකි වීම සුවිශේෂී කාරණයකි. ඒ වාගේම මී මුතු පරපුරු ඇන්සෙස්‌ටර් පිදීම් ළමයින් විසින් වැඩිහිටියන්ට වැඳුම් පිදුම් කිරීම පසුකාලීනව පරිවර්තනය වූ දේ මගින් සනාථ කෙරුණු ආකාරයට බිරිඳ විසින් ස්‌වාමියාට වැඳුම් පිදුම් කිරීමත් කැපී පෙනේ. යහ පාලනයක පදනම බවට පවුල පත් කිරීමට එම ක්‍රියාවලිය දායක විණි. ඔහු ප්‍රකාශ කළ වඩාත් ප්‍රචලිත මූලධමර්යක්‌ වනුයේ -ඔබට සිදු වන දැකීමට හෝ විඳිමට අකමැති දේ වෙනත් අයකුට නොකරන්න යන්නයි. එය පරස්‌පරත්වය reci procity ආචාරධමර්යේ මුල් කාලීන පිටපත හෝ ප්‍රකාශය හා එක්‌වීමත් සුවිශේෂ කාරණයකි.

පුද්ගලික ජීවිතය හා විවාහය

සම්ප්‍රදායානුකූලව ක්‍රි පූර්ව 551 වසන්තයත්, ශීත සෘතුවත් අතර කාල්පනික, ප්‍රාඥ හෝ දාර්ශනික ව්‍යාපාරයේ පාසල් සියය ආරම්භයේ දී කොන්ෆියුසියස්‌ගේ උපත සිදු විය. චීන ජාතික ලු රාජ්‍යයේ කුෆු (Qu Fu) නගරයට ආසන්නව ඔහුගේ උපත සිදුවීමත් සුවිශේෂ කාරණයකි. වර්තමානයේ එය ශැන්ඩොන්ග් පළාතට අයත්ව පවතී. චීන ජාතික ප්‍රභූ පවුලක්‌ දුෂ්කර කාලයක්‌ පසු කරමින් සිටිය දී මෙම උපත සිදු වී ඇති අතර, ඒ වන විට එම පවුල දිළිඳු ආර්ථීකයකට උරුමකම් කී බවත් ඉතිහාසයේ දැක්‌වේ.

කොන්ෆියුසියස්‌ සටන්කාමී පවුලකට හිමිකම් කී අතර, ෂුලියන්ගේ නමින් ප්‍රකට ඔහුගේ පියාණන් fieldom එකක්‌ හිමිව සිටි අතර සටන් දෙකකටම සම්බJධ වී තිබීම ප්‍රකට කාරණයකි. සියවස්‌ හතරකට පමණ පසුව මහා ඉතිහාසඥ වාර්තාවන්ට පසුව අනුව කොන්ෆියුසියස්‌ගේ උපත සිදුවී ඇත්තේ fhfya yehe හෙවත් නීතියෙන් අවසර නැති සංගමයක (illicit Union) ප්‍රතිඵලයක්‌ වශයෙනි. කොන්ෆියුසියස්‌ට වයස අවුරුදු 03 සම්පූර්ණ වන විට දීම ඔහුගේ පියාණන්ගේ මරණය සිදු විය. ඉන් අනතුරුව ඔහුව හදා වඩා ගෙන ඇත්තේ ඔහුගේ දිළිඳු මව විසිනි. නිපුණතා හා ශඛ්‍යතා වලින් පිරිපුන් සමාජ තත්ත්වයන් උරුම කරගත්, පැරණි ප්‍රභූFවයකින් යුත් පොදු සමාජ කණ්‌ඩායමක්‌ බවට පත් වධර්නය වෙමින් පැවැති ෂයි (shi) නමැති පංතිය නියෝජනය කරමින් උපත ලැබීමත් සුවිශේෂ කාරණයකි. ළමයෙකු වශයෙන් කොන්ෆියුසියස්‌ ගේ විනෝදාංශයක්‌ වූයේ බිලිපූජා (sacrified) මේසය මත පිළිවෙත් පිළිබඳ වූ කළස්‌ (Xitual Vases) තබමිනි. වයස අවුරුදු 19 වන විට හෙතෙම කි ගුවාන් (QI Guan) නමැති තරුණියක සමග විවාහ දිවියට ඇතුළත් විණි. ඔහුට වයස අවුරුදු 20 වන විට දීම ඔහුගේ බිරිඳ ප්‍රථම දරුවා වූ කොන්ග් ලී (kong li) මෙළොවට බිහි කළාය. කොන්ෆියුසියස්‌ එෙŒරකු, ගොපල්ලකු, ලියන්නෙකු හා පොත් තබන්නෙකු වශයෙන් වෘත්තිය ජීවිතය අරඹා තිබේ. ඔහු සිය 23 වෙනි විය සපුරණ අවස්‌ථාව වන විට ඔහුගේ දයාබර මව මෙලොව හැර යාම සිදු විණි. සිය මවගේ අභාවයෙන් බලවත් කම්පනයට පත් කොන්ෆියුසියස්‌ පුරා වසර 03 ක්‌ ම මවට ශෝකය පළ කරමින් කාලය ගත කිරීමට පෙළඹීමත් ඓතිහාසික වශයෙන් වුව සුවිශේෂ සිද්ධියකි.

සිය 53 වෙනි විය සපුරණ විට ලු රාජධානියේ අධිකරණ අමාත්‍ය ධූරයට පත්වීමේ වරම ලැබීමට කොන්ෆියුසියස්‌ සමත් විය. මහා ඉතිහාසඥ වාර්තාවන්ට අනුව මේ ආකාරයට ලු රාජ්‍යය බලවත්වීම ගැන අසල්වැසි කී (Qi) රාජ්‍යය බලවත්සේ කලබලයට පත් විය. ක්‍රී(ෂ රාජ්‍යය ඉතා හොඳ අශ්වයින් 100 දෙනෙක්‌ හා ඉතාමත් අලංකාර නැටුම් ශිල්පිනියන් 80 දෙනෙක්‌ ලු රාජ්‍යයේ ආදිපාද වරයා (duke) වරයා වෙත යවමින් එම රාජ්‍යය බිඳ දැමීමට සැලසුම් කරනුයේ මෙම පසුබිම මතය කී රාජ්‍යයේ උපායට ගොදුරු වූ ලු රාජ්‍යයේ ආදිපාදවරයා සිය රාජකාරි සඳහා සහභාගීවිමෙන් වැළකී පුරා දින 03 ක්‌ ම ලද ත්‍යාගයන් සමග විනෝදෙන්, කෙළිදෙලෙන් කාලය ගත කිරීමට පෙළඹිණි.

ආදපාදිවරයාගේ මන්දබුද්ධික ක්‍රියා කළාපය කෙරෙහි බලවත් සේ කළකිරුණු කොන්ෆිසියස්‌ ලු රාජ්‍යය අතහැර වඩා යහපත් අවස්‌ථාවක්‌ සොයා යාමට තීරණය කළේය. එක්‌වරම රජයේ තනතුරු අත්හැරීම උදෙසා ආදිපාදවරයාගේ වැරදි ක්‍රියා කලාපය පිළිබඳව හෙළිදරව් කිරීමට සිදුවීමත්, එමගින් මහජන අපවාදයට අවමානයට ආදිපාදිවරයා ලක්‌වීමත් සිදුවන හෙයින් කොන්ෆියුසියස්‌ සිය ඉවත්වීම ප්‍රමාද කරමින් ආදිපාදවරයාට එරෙහි චෝදනා අවම කිරීමට පෙළඹුණි. මේ අතර රාජ්‍ය මට්‌ටමින් පවත්වන සFව බිලි පූජාවෙන් රාජ්‍ය නිලධාරියකු වශයෙන් කොන්ෆියුසියස්‌ට ලබාදිය යුතු මාංශ කොටස ලබාදීමෙන් වැලකී ඔහුට අගෞරව කිරීමට ද ආදිපාදිවරයා පෙළඹීම මත සිය තනතුරෙන් ඉල්ලා අස්‌වීමට පමණක්‌ සීමා නොවුණු කොන්ෆියුසියස්‌ ලු රාජ්‍යයෙන් ද ඉවත් ව යැමට කටයුතු කළේය.

සම්ප්‍රදායානුකූලව සිය තනතුරෙන් ඉවත්වීමෙන් පසුව දීර්ඝ කාලීන සංචාරයකට යොමු වී කොන්ෆියුසියස්‌ වයඹ දිග හා මධ්‍යම චීනයේ පැවැති වෙයි (ඇස), සොන්ග් (song), චෙන් (chenn) සහ කායි (Cai) කුඩා රාජධානි තුළ ද සංචාරය කළේය. ඔහු සිය දේශපාලන විශ්වාසයන් පිළිබඳව විස්‌තර විභාග කිරීමටත් මෙම සංචාරය තුළ දී පෙළඹුණු අතර, එහෙත් ඒවා ක්‍රියාවට නගා නොතිබුණු බවත් අවබෝධ කර ගත්තේය.

මේ අතර සුවෝ කොමෙන්ටරිගේ (Zuo Commentry) වසන්ත හා ශීත වාර්ෂිකයන්ට අනුව කොන්ෆියුසියස්‌ සිය දීර්ඝ චාරිකාව නිමවා ඇත්තේ ඔහුගේ 68 වෙනි වසරේ දීය. සුභාවිත විස්‌තර කිරීම්වලට අනුව හෙතෙම සිය අවසන් වර්ෂ කිහිපය ගත කර ඇත්තේ ගෝලයින්ට ඉගැන්වීමේ නිරත වෙමිනි. ඒ වාගේම එම කාලය තුළ දී ඔහු සිය ප්‍රඥාව පංච සම්භව්‍ය රචනයන් ලෙසින් ප්‍රකට වියමන් මගින් බෙදාහැරීමත් සිදු කළ අයුරු සුවෝ කොමෙන්ටරිගේ වාර්තා මගින් අනාවරණය කෙරේ.

නාමයන්

කොන්ෆියුසියස්‌ වඩාත් ප්‍රචලිත වූයේ කොංග් කියු (kong Qiu) ලෙසිනි. එය ඔහුගේ පෙළපත් නාමය හා බැඳුණකි. ඒ වාගේම හෙතෙම ෂොන්ග් නී (shong ni) ලෙසින් ද ආමන්ත්‍රණය කෙරුණු අතර එය ඔහුගේ ආචාරශීලීභාවයේ හෝ අනුග්‍රාහක නාමයයි.

කොන්ෆියුසියස්‌ නාමය ප්‍රථමයෙන් ලතින්කරණය කරමින් යුරෝපයට හඳුන්වාදීම සිදු කරණුයේ ඉතාලි ජාතික ෙ-සු නිකායිකයකු වූ ශැටියෝ රිකී විසිනි. ප්‍රබන්ධකරණය වූ සෙසු නාමයන් වනුයේ කොංග් ෆුසි හෙවත් කොංග් ෆු සි සහ නිශ්චිතFවයෙන් අවම වූ ආකාරයට කුංග් ෆු ට්‌සූ හෙවත් කුංග් ෆු ට්‌සේ ලෙසින් ද දැක්‌වේ.

ෆුසී (FUZI) යනු ගුරුවරයාය. චීන සංස්‌කෘතියට අනුව ගුරුවරයා නමින් හැඳින්වීම ගෞරවය අඩුවෙන් දැක්‌වීමක්‌ ලෙසින් සැලකූ බව සඳහන් වේ. එහෙයින් ම හෙතෙම හඳුන්වනු ලැබුයේ මාස්‌ටර් කොංග් හෝ කොන්ෆියුසියස්‌ යනුවෙනි. නූතනයේ පවා එනමින් හැඳින්වීම සුවිශේෂ කාරණයකි. නූතන යුගයේ දී චීන ජාතිකයින් බොහෝ විට ඔහුව හඳුන්වන තවත් පොදු නාමයක්‌ වනුයේ කොංග් සී (kong si) වේ.

මේ අතර හන් රාජ්‍ය පෙළපත් සමයේ යුවාන්ෂි යුගයේ ප්‍රථම වෂර්යේ දී කොන්ෆියුසියස්‌ව මරණින් පසු නාමය (pothumous nemes) ලෙසින් යොදනු ලැබ ඇත්තේ උත්තම හෝ වංශාධිපති බාවොචෙන්ග්සුවන්නි (baochengxuanni) යන්නයි. එහි අර්ථය වූයේ ප්‍රශංසාත්මකව ප්‍රකාශ කරන වංශාධීපතිනි යන්න වේ. ඔහුගේ මරණින් මතු වඩාත්ම ප්‍රචලිත වූ නම් අතර ෂිෂෙන්ග්සියාන්ෂි වේ. එය වඩාත් ප්‍රචලිත වූයේ මිංග් රාජ පෙළපත් සමයේ ජියාජිංග් යුගයේ නව වෙනි වෂර්ය හෙවත් ක්‍රි( වර්ෂ 1530 දී පමණක්‌ වේ. මහත්සේ ගෞරවාදරයට පත් මුනිවර ගුරුතුමා යන්න එහි දළ අර්ථයයි. ෂිෂෙන්ග් ( XIANSHI ) යනු උත්තම ගුරුවරයා ය. සියාන්ෂි (ZHISHENG) යනු ප්‍රථම ගුරුවරයායි. එමෙන්ම කොන්ෆියුසියස්‌ තුමා වැන්ෂිෂිබියාවෝ (උAභීHෂීHෂඊෂ්ධ) හෙවත් යුගාන්තර ගුරුවර ආදර්ශය වශයෙන් ද විස්‌තර කෙරේ.

දර්ශනය (philosophy)

කොන්ෆියුසියානුවාදය හෙවත් කොන්ෆියුසියානු දහම බහුතරයක්‌ ආගමික අවශ්‍යතා උදෙසා භාවිතා කළ ද එය ආගමක්‌ ද නැද්ද යන්න පිළිබඳ කිසියම් විවාදයක්‌ ද චීන ජන සමාජය තුළ පවතී. කොන්ෆියුසියස්‌ දහම මරණින් පසු මූලධාතුව පිළිබඳ සාකච්ඡා කරන බවත් අප අමතක නොකළ යුතුය. ඒ වාගේම එහි දැක්‌ම සවර්ගය පිළිබඳවත් උනන්දුවක්‌ දක්‌වයි. ආත්මයේ සවභාවය වැනි බොහොමයක්‌ දෙනා ආගමික කාරණා වශයෙන් සලකන මාතෘකා කෙරෙහි වැඩි අවධානයක්‌ යොමු නොකිරීම ආගමක්‌ ද යන විවාදයට පවා තුඩු දී තිබේ.

සුභාෂිත කාව්‍යයට අනුව කොන්ෆියුසියස්‌ කිසිදුත් නව සොයා ගැනීමක්‌ සිදු නොකළ, දැනුම බෙදා හරින්නකුගේ භූමිකාව නිරූපණය කළ බවක්‌ දැක්‌වේ. අධ්‍යාපනයේ වැදගත්කම පිළිබඳ විශිෂ්ඨ අවධාරණයන් කිහිපයක්‌ම සිදු කිරීමට හෙතෙම කටයුතු කළ බව ඉතිහාසඥ පිළිගැනීමයි. අධ්‍යාපනය ලැබීමට වියමන් අනාවරණය කළ චීන ජාතික චරිතය වශයෙනුත් හෙතෙම පිදුම් ලබයි. එම පසුබිම තුළ කොන්ෆියුසියස්‌ යනු ශේ්‍රෂ්ඨතම ගුරුවරයා වශයෙන් චීන ජාතිකයින් සලකනු ලබයි. ඒa වාගේ ම ජීවිතය හා සමාජය පිළිබඳ විධිමත් න්‍යායක්‌ නිර්මාණය කිරීමට හෙතෙම උත්සාහ කළ බවත් ඉතිහාසය කියයි. ගුරුවරයකු වශයෙන් ඔහු අපේක්‍ෂා කළේ සිය ශ්‍රාවකයින් තමන් ගැන ගැඹුරටම සිතන අතර, අවට ලෝකය ගැනත් නිරන්තරව අධ්‍යයනය කරන පිරිසක්‌ වනු දැකීමයි. එය සිදු කිරීමේ දී බොහෝවිට පැරණි ආගමික ග්‍රන්ථ හෝ ශූද්ධ ලියවිලි තුළින් උකහා ගැනීමත්, පොදු ජනයාගේ අතීත හැඟීම්, ආකල්ප හා ප්‍රකාශන මෙන්ම ප්‍රභූන්ගේ ප්‍රතිචාර ඔස්‌සේ ග්‍රන්ථය තුළ අන්තර්ගත පද්‍යයන් ගෙන් අතීතයේ සිට වර්තමානය දක්‌වා දේශපාලන සිද්ධීන්හී හොඳ නරක හෝ කුසලාකුසල සම්බJධී දෑ සොයා දැන ගැනීමත් අපේක්‍ෂා කළේය.

ආචාර ධර්ම

කොන්ෆියුසියස්‌තුමාගේ එක්‌ ගැඹුරු ඉගැන්වීමක්‌ වනුයේ හැසිරීම පිළිබඳ සවිස්‌තර හෝ නිශ්චිත ලෙසින් පෙනී සිටින උසස්‌තම පුද්ගල නීතියයි. ඔහුගේ හොඳ, නරක, හෝ කුසලාකුසල සම්බJධී වූ උගැන්වීම් බරපතළ කොට හෝ වැදගත් කොට සැලකුවේ සවයං වර්ධනය, හොඳ නරක ආදශර්ය හෝ නිදසුන ජය ගැනීමට වෙර දැරීම සහ නීතිය පිළිබඳ දැනුමට වඩා පුහුණු විනිශ්චය ලබා ගැනීම වැදගත් කොට සැලකූ හෙයිනි. කොන්ෆියුසියානු ආචාරධර්ම සැලකීමත් වූයේ සුචරිතවත් හෝ සදාචාරවත් ආචාර ධර්ම වැනි දෑ කෙරෙහිය. ඔහුගේ උගැන්වීම් ඉතාමත් කලාතුරකින් විවාදයට තුඩුදුන් අවස්‌ථා ඉතිහාසයට එක්‌ව තිබේ. ආචාර ධාර්මික උත්කෘෂ්ට ආදශර්යන් සහ ක්‍රම පෙන්වා දුන්නේ වක්‍රාකාරයෙනි. ඒ වාගේ ම ඇඟවීම හෝ සඳහන් කිරීම මගින්, වක්‍රාකාරයෙනි. ඒවාගේම ඇගවීම හෝ සඳහන් කිරීම මගින්, වක්‍රෝක්‌තියෙන් හෝ පුනරුක්‌තිය මගින් එය සිදු කෙරිණි. ඒ මක්‌නිසාද යත්, ඔහුගේ උගැන්වීම් පරීක්‍ෂා කළ යුතු විය. එසේ වනුයේ නියමානුකූල සංදර්භය මත තබා අවබෝධ කරගත යුතු හෙයිනි.

ඒ පිළිබඳ කදිම උදාහරණයක්‌ මෙම වඩාත් ප්‍රචලිත උපාඛ්‍යානය තුළින් අනාවරණය වේ. තමා විනිශ්චය ශාලාවෙන් එන විට අශ්ව ඉස්‌තාල පිළිස්‌සී ඇති බව දුටු කොන්ෆියුසියස්‌ ක්‍ෂණිකවම ප්‍රශ්න කළේ කාට හරි තුවාල වුණාද? කියාය. එම අවස්‌ථාවේ දී ඔහු ඉස්‌තාලයේ සිටි අශ්වයින් පිළිබඳව කිසිවක්‌ නොවිමසීය.

එම පරිච්ඡේදය අශ්වයින් පිළිබඳව නොවීමසීම මගින් කදිම පාඩමක්‌ ගෙන හැර දැක්‌වීය. කොන්ෆියුසියස්‌ එමගින් ද ගෙන හැර දැක්‌වූයේ දේපළට වඩා මනුෂ්‍යයාගේ ප්‍රඥාව හෝ ඥාණවන්තභාවයේ වටිනාකම වැඩි බවයි. කියවන්නන් ඔවුන්ගේ ප්‍රතිචාර මතින් කොන්ෆියුසියානු පාඩම් උගෙනීමට පෙළඹෙනවාද? නොඑසේනම් ආචාර ධර්මානුකූල සවයං වර්ධනය අත්කර ගන්නවාද යන්න දැක ගත හැකි විය. කොන්ෆියුසියස්‌ මානව ශේ්‍රෂ්ඨභාවයේ කදිම නිදශර්නයකි. පෙරදිග, අපරදිග විචාරකයින් බහුතරයට අනුව කොන්ෆියුසියස්‌ගේ උගැන්වීම් මානවවාදය පිළිබඳ චීන උදාහරණයයි.

කොන්ෆියුසියානු උගැන්වීම් අතර වඩාත් ප්‍රචලිත කාරණයක්‌ වනුයේ රන් පාලනය හෙවත් පරස්‌පරතාවයේ ආචාරධමර්යයි. ඔහුගේ රන්නීතිය නොඑසේනම් නියමයේ නිශ්චිත රූපය හෝ හැඩය වනුයේ රිනාත්මක හැඩය හෙවත් රිදී නියමයයි.

"ඔබ ඔබ කෙරෙහි අපේක්‍ෂා නොකරන දේ, අනුන්ට සිදු නොකරන්න" ඊට කදිම නිදසුනකි. ඇතැම් ආකාරයට මෙම නියමයන් විශ්වීය වන නමුත්, කොන්ෆියුසියස්‌ හැඳින්විය යුතුව තිබුණේ අසාමන්‍ය ආචාරවාදියෙකු ලෙසිනි. ඒ මක්‌නිසාදයත් ඔහු මේ නියමයන් කෙසේ අර්ථ දැක්‌වූයේ ද යන්න පවා කැපී පෙනෙන හෙයිනි. පොදු මිත්‍රයින් වෙනුවෙන් ඉටු කළ යුතු මෙහෙවරක්‌ තිබූ බව කොන්ෆියුසියස්‌ දැඩිව විශ්වාස කළ අයෙකි. එමනිසා කොන්ෆියුසියස්‌ වෙනස්‌ තත්ත්වයන් තුළ කෙනෙකුට වෙනස්‌ ද්‍රව්‍ය හෝ කාරණා පදනම් කොටගෙන උපදේශනය කළ අයෙකි. ධර්මිෂ්ඨ සංවිධානය හෝ චරිත සවභාවය දැනුමෙන් තොරවීම මත දූෂණ, අක්‍රමිකතා වෙත පහසුවෙන් හිතේ හැගීම් වෙනස්‌ වන, අවනත වන හෝ යටත් වන බව කොන්ෆියුසියස්‌ දර්ශනයයි. ඒ වාගේම ධර්මිෂ්ඨ බව හෝ ක්‍රියාවන් අවංක, සෘජු, අව්‍යාජ නොවීම තුළ සත්‍යය වශයෙන් ම යහපත් නොවන්නේය. දැනුම වගා කිරීමෙන් හා අවංක, සෘජු, අව්‍යාජ බවත් කෙනෙකුගේ ප්‍රායෝජනය, නිමිත්ත උදෙසා වැදගත් වේ. උත්තරීතර අය ඉගෙනීමට, හැදෑරීමට ආදරය කරනුයේ අධ්‍යාපනය උදෙසාම ය. ඒ වාගේම ධර්මිෂඨ බවත් ධර්මිෂඨFවයේ ප්‍රයෝජනය හෝ නිමිත්ත උදෙසා එය අතිශයින් ම වැදගත් වන බවත් හෙතෙම අවධාරණය කළේය.

දේශපාලන (politics)

කොන්ෆියුසියස්‌තුමාගේ දේශපාලන දැක්‌ම පවා අන්තර්ගත වූයේ ආචාර ධර්ම සමගිනි. හෙතෙම තර්ක කරමින් කියා යහපත් පාලනය යනු චාරිත්‍ර විධි, ධර්මිෂ්ඨ පිළිවෙත් අනුගමනය කරමින් සිදු කරන පාලනය බවයි. ඒ වාගේම ජනයාගේ සදාචාර හෝ කුසලතාවය විනා බලහත්කාරය හෝ අල්ලස යොදා නොගත යුතු බවත් හෙතෙම අවධාරණය කළේය. ඔහු පැහැදිළි කරමින් කියා සිටියේ මෙය වැදගත් ම සුභාෂිත වාක්‍යයක්‌ බවයි. එනම් ජනතාව නීතිය මගින් පාලනය කරන්නේ නම් සහ වෙනස්‌ නොවන බවකින් යුත් සමානFවය ලබාදීමට දඬුවම යොදා ගැනීම, සිදු කළහොත්, ඉන් මිදීමේ මාර්ග සෙවීමට ජනයා පෙළඹෙති. එහෙත් ලැඡ්ජාව පිළිබඳ හැගීමක්‌ එහිදී ඇති නොවන බවත් හෙතෙම අවධාරණය කළේය.

එහෙත් සදාචාරය, සුචරිතවත් භාවය යොදා ගනිමින් පාලනය කරන්නේ නම් හෝ ශිෂ්ඨFවයේ හෝ යෝග්‍යFවයේ නීතිය මගින් සමානFවය හෝ වෙනස්‌ නොවන බව ප්‍රාර්ථනා කරමින් සිදු කරන පාලනයත්, තුළින් ජනතාව තුළ ලැඡ්ජාව පිළිබඳ හැගීමක්‌, දැනීමක්‌ ද ඇති වනු නොඅනුමානය යෑයි කොන්ෆියුසියස්‌ දහමේ අංගයකි. එමගින් රටක යහපත් පාලනයක්‌ නිර්මාණය කළ හැකි බවත් විශිෂ්ඨ උගැන්වීම් හී සඳහන් වෙන බව පරිවතර්ක ඡේම්ස්‌ ලෙග්ගෙ පෙන්වා දෙයි. මේ ලැඡ්ජාව දැනීම රාජකාරිය අභ්‍යන්තරකරණය හෝ අධ්‍යාත්මිකකරණය වීමකි. එහෙත් දඬුවම් වැදගත් කොට සැලකීම අයහපත්, දුෂ්ඨ, පාපකාරී ක්‍රියාවකි. එම ක්‍රමය වෙනුවට ඉහත කී ක්‍රමය අනුගමනය කිරීම නීත්‍යානූකූලවාදයේ මෙන් නීතියේ හැඩය හෝ රූපය අනුගමනය කිරීමකි.

කොන්ෆියුසියස්‌තුමා අතීතය දෙස බැලුවේ ගෙදරින් ඈත්ව සිටි අයකු ගෙදර ගැන ලතවෙනවා වැනි වූ කාන්සාවකිනි. ඒ වාගේම ඔහු චීන ජාතිකයින්ගෙන් අයෑද සිටියේ ය. විශේෂයෙන්ම දේශපාලන බලය සහිත අයගෙන් ඉල්ලා සිටියේ අතීත ආදශර්යන් දෙස අවධානය යොමු කරන ලෙසය. විශේෂයෙන් ම එම යුගයේ වැඩවසම් කුඩා රාජධානි අතර පැවැති නිමක්‌ නැති යුද්ධ පිළිබඳ මතකය සමකාලීන දේශපාලකයින්ට අවබෝධ කරවීම තුළින් යහපත්, ධර්මිෂඨ පාලනයක්‌ නිර්මාණය කරවීම කොන්ෆියුසියස්‌තුමාගේ එකම අභිප්‍රාය විය. ඔහු අපේක්‍ෂා කළේ දේව නියෝගයක්‌ (Mandate of Heaven) ස්‌ථාපිත කර ගැනීමය. එමගින් මුළුමහත් ලෝකයම එක්‌සත් කර ගැනීමට හැකිය යන්න ඔහුගේ ආකල්පය විය. ඒ වාගේම ඒ අයුරින් දේව කැමැත්ත මත පාලනය වැනි වූ එයින් මානව සමාජය තුළ සටන් ගැටුම් වලින් තොර වූ සාමය, සමෘද්ධිය වර්ධනය වන පාලනයක්‌ ගොඩනැගිය හැකිය යන්න කොන්ෆියුසියස්‌තුමාගේ මතය හෝ දැක්‌ම විය.ඔහුගේ පුද්ගල හා සමාජයීය සම්පූර්ණFවය පිළිබඳ දැක්‌ම වූයේ පැරණි නියෝගාත්මක සමාජ ක්‍රමයට පුනරුත්ථාපනයක්‌, නව ජීවනයක්‌ ලබා දීමය. කොන්ෆියුසියස්‌ බොහෝවිට පුරාණ හෝ දැන් පවත්නා ව්‍යවහාරයන් පිළිබඳ දැඩි අවධානයක්‌ යොමු කළ අයෙකි. නමුත් සමීපව බැලීමේදී හෙතෙම වඩාත්ම යෝජනා කර ඇත්තේ පැරණී ආයතනයන් සහ තමන්ගේ ම වූ දේශපාලන න්‍යාය පත්‍රයන් කෙරෙහි යොමු කරවීම ය. එමගින් එක්‌සත් වූ රාජධානි ක්‍රමය ස්‌ථාපිත කිරීම අපේක්‍ෂාව විය.

එකී පාලකයින් බලය ලබා ගැනීමේදී සිය යහපත් හෝ හොඳ නරක, කුසලතා, පදනම් කරගෙන විනා අනු පිළිවෙල මත බලය ලබා ගැනීම නොකළ යුත්තක්‌ ලෙසින් හෙතෙම විග්‍රහ කළේය. එම පාලකයන් ජනතාව වෙනුවෙන් කැපවීමත්, පුද්ගල හා සමාජයීය සම්පූර්ණFවය, නිර්දෝෂීතාවය උදෙසා මහත් පරිශ්‍රමයක්‌ දැරීම අත්‍යවශ්‍ය බවත් නිර්දේශ කළේය. ඒ වාගේම, එකී පාලකයන් තමන්ගේ සුචරිතය හෝ සදාචාරය ජනතාව අතර පැතිරවීම සිදු කළ යුතුය. එය සිදු කළ යුත්තේ තම නීති රීති පිළිබඳ පුරුදු හා හැසිරීම් රටා සමාජගත කිරීම් වෙනුවට බවත් කොන්ෆියුසියස්‌ දැඩිව අවධාරණය කළේය.

ඔහු සිය ප්‍රඥාව යොදවමින් අධිරාජයන් වශයෙන් රට පාලනය කිරීමට අදාළ අධිරාජ්‍යයාට සම්පූර්ණ ආධාර දුන්නේ, සිය අදහස්‌, මතවාද තුළ පාලකයින්ගේ බලය සීමා කිරීමට අවශ්‍ය මූලධාතු, ද්‍රව්‍යය හෝ වස්‌තුමාත්‍රය පවතිද්දීය. භාෂාවට එකඟව සත්‍යය හා අවංකභාවය අතිශයින් ම වැදගත් කාරණා බවට හෙතෙම තර්ක කළේය. මුහුණේ හැඟීම් ප්‍රකාශනය පවා එහි දී වැදගත් ය. සත්‍යය සෑම විටකදී ම නියෝජනය කළ යුතුය. පාලකයා නිවැරදි ලෙසින් සිය පාලන කටයුතු හෝ නායකFවය දීම සිදු කරන්නේ නම් සෙසු අය ද නියමාකාරව නිසි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට පෙළඹෙන බව ඔහුගේ විශ්වාසය විය. ඒවා ක්‍රියාත්මක ව සිදු විය යුතු බවත් හෙතෙම පැවසීය. රජු හා රටවැසියා අතර හෝ පිය පුතු සබඳතාවය පිළිබඳව අවධානය යොමු කරමින් තමාට ඉහළින් සිටින්නට ගරු කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය. එහෙත් තමන්ට උසස්‌ තනතුරු දරන්නන් වෙතින් වුව වැරදි දේ සිදු වන්නේ නම් ඒ පිළිබඳව පෙන්වා දීම, උපදෙස්‌ දීමත් ජනතාවට අයත් වැදගත් කාර්යයන් බවත් හෙතෙම අවධාරණය කළේය. කොන්ෆියුසියස්‌ගේ බලවත් විශ්වාසයක්‌ වූයේ ඔබ නිවැරදි පාලන කටයුතු සිදු කරන්නේ නම්... නියෝග හෝ අණඥා නොවැදගත් අනවශ්‍ය දෑ බවයි.

ශ්‍රාවකයින් හා උරුමය (Dieiples) ඛැaජහ)

කොන්ෆියුසියස්‌ගේ උගැන්වීම් පසුකාලීනව නොයෙකුත් විස්‌තර සහිත නීති රීති හා අත්දැකීම් බවට පත් කිරීමට ඔහුගේ සුවිශේෂ ශ්‍රාවකයින්, ගෝලයින් හා අනුගාමිකයන් කටයුතු කළහ. ඔව්හු උගැන්වීම් සුභාශිත වාක්‍ය බවට පත් කළහ. ඔහුගේ මරණින් පසුවත් ඔහුගේ තක්‌සලාව පවත්වාගෙන යාමට ශ්‍රාවකයින් හා ඔහුගේ එකම මුණුබුරා වූ සිZසි (Zisi) කටයුතු කළහ. එම උත්සාහය නිසා කොන්ෆියුසියානු දැක්‌ම හා මතවාද ඒ වන විට රාජ්‍ය නිලධාරීන්ව සිටි ඔහුගේ ගෝලයින් මගින් චීන රාජ්‍යය පුරා පැතිරීම සිදු විණි.

කොන්ෆියුසියස්‌ගේ පසුකාලීන ප්‍රකට අනුගාමිකයින් දෙදෙනෙකු වූ මෙන්සියස්‌ (Mencius) සහ සුන් සීz (XunZi) දැඩි උෙද්‍යාaගයකින් යුතුව වෙනස්‌ රූපයක්‌, දෘෂ්ටියක්‌ හෝ පාර්ශවයක්‌ සටන්කාමී ආකාරයෙන් සමාජගත කිරීමට පෙළඹුණහ. එම දෙදෙනාම ඔහුගේ උගැන්වීම් හී වැදගත්ම මූළික කොටස්‌ එකිනෙකට වෙනස්‌ ආකාරයෙන් විසිතුරු ලෙසින් හෝ නොයෙකුත් විස්‌තර සහිතව කොන්ෆියුසියස්‌ට සහයෝගීව ඉදිරිපත් කිරීම සිදු කළහ. මෙන්සියස්‌ යනු ක්‍රි( පූර්ව සිව්වන සියවසේ දිවි ගෙවූ අයෙකි.