හැරි කුමාරයා ඇෆ්ගනිස්ථානයේ;- කුමර සිහිනය ප්රියජනකද ? බියජනකද?



හර්ෂි සි. පෙරේරා

අපචේ ගුවන් නියමුවකු වීමට අවශ්‍ය සියලු සුදුසුකම් හැරි කුමාරයා සම්පුර්ණ කර ඇත. හෙතෙම ප්‍රහාරාත්මක හෙල්කොප්ටර පැදවීම පිළිබද විශේෂන්ග්නතාවක් ලබා තිබේ. නමුත් ඔහුව කොහේ සේවයට අනුයුක්ත කරන්නේද යන්න මේ වනවිට හිසරදයක් වී ඇත. ඔහු පැහැදිලිවම තමාට ඇෆ්ගනිස්ථානයට යායුතු බව කියයි. මිට වසර 04 කට පෙර කුමාරයා ඇෆ්ගනිස්ථානයේ සිටියදී බ්‍රිතාන්‍යයේ ප්‍රදාන මාද්‍ය කණ්ඩායම් හමුදාවේ ඔහුගේ අනුයුක්තවිම පිළිබද කිසිවක් ප්‍රසිද්ද කලේ නැත. ඒ එසේවුවානම් කුමාරයා සහ ඔහුගේ සගයින් තලිබන්වරුන්ගේ ප්‍රමුක ඉල්ලක්ක විය හැකි බැවිනි. නමුත් දැන් ලෝකය 2008 දී පැවතියාට වඩා වෙනස්ය. ටුවිට සහ මුණු පොත වැනි සමාජ මාද්‍ය සුලබ බැවිනි.