ෆොන්සේකා බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අදට වසර දෙකයි

(08.02.2012 | lankaguardian.com ) හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතා ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨා - බය රාජපක්ෂ මහතාගේ පුද්ගලික කේන්තිය සංසිදුවා ගැනීම සඳහා පැහැරගෙන ගොස් අද (08 වැනිදා) ට වසර දෙකකි. ඔහුට විරුද්ධව කොළඹ මහාධිකරණයේ විභාගයට ගෙන සිර දඬුවමක්‌ නියම කළ නඩු තීන්දුවට එරෙහිව ගොනු කළ අභියාචනයද අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතය.

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්‌ඩාරනායක, සහ නිමල් ගාමිණී අමරතුංග, පී. ඒ. රත්නායක, ප්‍රියසාද් ඩෙප් හා සත්‍ය හෙට්‌ටිගේ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම විභාගය පැවැත්වේ.